Monday, April 21, 2025
Home » වගා හානි සතුන් ජාතික සංග­ණ­නය අති සාර්ථ­කයි

වගා හානි සතුන් ජාතික සංග­ණ­නය අති සාර්ථ­කයි

නියෝජ්‍ය ඇමැති නාමල් කරු­ණා­රත්න

by damith
March 17, 2025 4:04 pm 0 comment

බුද්ධිකා ඉඹු­ලාන, කුරු­ණෑ­ගල සුනිල් පැල්ල­න්දෙ­ණිය

ශ්‍රී ලංකා ඉති­හා­සයේ පළ­මු­ව­රට මිලි­යන ගණ­නක් මහ­ජ­න­තා­වගේ සහ­භා­ගි­ත්වය ඇතිව එකම වේලා­වක ආරම්භ වූ කෘෂි බෝග­ව­ලට හානි පමු­ණු­වන වන සතුන් පිළි­බඳ ජාතික සංග­ණ­නය අති සාර්ථක බව කෘෂි­කර්ම හා පශු­ස­ම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරු­ණා­රත්න මහතා පැව­සීය.

මේ කට­යුත්ත ජාතික වග­කී­මක් ලෙස සලකා පෙරේදා (15) පෙර­වුරු 8.00-8.05 අතර පැවති මෙම සංග­ණ­න­යට දායක වූ මේ රටේ ජන­තා­ව­ටත් ,නිවාඩු දින­යක් වුවද මේ සඳහා ස්වේඡා­වෙන්ම දායක වූ මහ­ජ­න­තා­වට, රජයේ නිල­ධා­රී­න්ටත්,ගොවි­ජ­න­තාව ,ගොවි නාය­ක­යන්, පරි­ස­ර­වේ­දීන් මාධ්‍ය ආය­තන ඇතුළු මාධ්‍ය­වේ­දීන්ට සිය ප්‍රසා­දය සහ ස්තූතිය පළ කරන බව ද නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා කීය.

මෙම සංග­ණ­නය මඟින් රැස්කර ගත් තොර­තුරු සහ දත්ත ඇතු­ළත් මූලික වාර්තා­වක් මෙම මස අව­සා­න­යේදී පමණ කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය වෙත ලැබෙනු ඇතැයි තමන් විශ්වා­සය පළ කරන බව ද නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා දින­මිණ කළ විම­සු­ම­කදී අව­ධා­ර­ණය කළේය.

“නිශ්චිත කාල­යක් තුළ පොදු ක්‍රියා­ව­ලි­ය­කට මහ­ජ­න­තාව එක්වී ජාතික වග­කී­මක් ඉටු කළා. මමත් වේර­ගල රජ මහ­වි­හා­ර­යට පැමිණ මේ සංග­ණ­නය සඳහා එක්වුණා. ඇතැම් අය ඒ මොහො­තේම සංග­ණන පත්‍රි­කාව පුරවා ග්‍රාම නිල­ධා­රීන් වෙත ලබාදී තිබුණා. සංග­ණ­නය පැවති දින­යේදී අදාළ වේලාව තුළ තම ගෙවත්තේ ,වගා බිම්වල, පුණ්‍ය භුමි වඳු­රන්, රිළ­වුන්, මොන­රුන් සහ දඬු­ලේ­නුන් සිටි සංඛ්‍යාව සට­හන් කර ඇති සංග­ණන පත්‍රිකා දැන් ග්‍රාම නිල­ධා­රීන් වෙත ලැබෙ­මින් පව­ති­නවා.

ග්‍රාම නිල­ධාරි වසම් මට්ට­මින් මේ වන සතුන් සිටි සංඛ්‍යාව පිළි­බඳ තොර­තුරු ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල වෙත ලැබී­මට සලස්වා ඉන්ප­සුව ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන්, දිස්ත්‍රික් ලේක­ම්ව­රුන් වෙත ලැබී­මට සල­ස්ව­නවා. ඉන්පසු අදාළ දත්ත සහ තොර­තුරු සට­හන් කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය ‍ වෙත ලැබී­මෙන් පසුව ඒවා වන­ස­තු­න්ගෙන් වගා­වට සිදු­වන හානි වළක්වා ගැනී­මට සහ වගා­වන්ට හානි කරන සතුන් කළ­ම­නා­ක­ර­ණය සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා වූ කමි­ටුව වෙත යොමු කර­නවා. මෙම කමි­ටුව ඒ පිළි­බ­ඳව නිසි අධ්‍ය­ය­න­යක් යොමු කර,

සමාජ විද්‍යා­ත්මක ක්‍රම­වේ­ද­ය­කට අනුව වාර්තා­වක් සකස් කිරී­මට නිය­මි­තයි.

අදාළ වාර්තාව විශ්ව විද්‍යාල විද්ව­තුන්, මේ ක්ෂේත්‍රය පිළි­බඳ පර්යේ­ෂණ ආය­තන ,පරි­සර සංවි­ධාන, ගොවි­ජ­න­තාව, ගොවි සංවි­ධාන ,කෘෂි ක්ෂේත්‍ර­යට අදාළ පර්යේ­ෂණ ආය­තන, වන­ජීවී වන­සං­ර­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු ,මාධ්‍ය ආය­තන ඇතුළු ආය­තන ගණ­නා­ව­කට යොමු කර­න්නට බලා­පො­රොත්තු ‍ෙවනවා. ඇතැම් ප්‍රදේ­ශ­වල ගොවි බිම්, පුණ්‍ය භූමි­වල මෙම සංග­ණ­නය සඳහා රජයේ නිල­ධා­රීන් පැමි­ණියේ නෑ කියා ජන­තාව මාධ්‍ය වෙත අද­හස් පළ කර තිබුණා. මේ නිල­ධා­රීන් මෙම සංග­ණ­න­යට දායක වන්නේ ස්වේච්ඡා­වෙන් . අප ඔවුන්ට නියම කර සිටියේ නෑ .ඇතැ­ම්විට ඔවුන්ට පැමිණි පෞද්ග­ලික බාධා­වන් නිසා එදින මෙම කාර්ය­යට දායක වන්නට නොහැකි ‍ෙවන්න ඇති.

මෙම සංග­ණ­නය හාස්‍ය­යට ලක්ක­ර­මින් ඒ ගැන අද­හස් පළ කළ අය නිසා අපට වාසි­යක් වුණා. එයින් වුණේ ජන­තාව , තව­ත­වත් මේ ගැන අව­ධා­නය යොමු කිරී­මයි. විවිධ ක්ෂේත්‍ර­වල විද්ව­තුන්, පර්යේ­ෂ­ක­යන් මේ ගැන අව­ධා­නය යොමු කර තම දාය­ක­ත්වය ලබා දුන්නා.

ඇතැම් ප්‍රදේ­ශ­ව­ලට අදාළ සංග­ණන පත්‍රි­කාව ලැබී තිබුණේ නැ. ඒ අයට අප දැන්වූවේ කොළ කැබැ­ල්ලක අදාළ තොර­තුරු සට­හන් කර ගෘහ­මූ­ලික අංකය සහ දුර­ක­තන අංකය ලියා, ග්‍රාම නිල­ධාරි වෙත ලබා­දිය හැකියි” යැයිද නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

ඡායා­රූප කුරු­ණෑ­ගල සුනිල් පැල්ල­න්දෙ­ණිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT