Home » ජාතික ඖෂධ නියා­මන අධි­කා­රිය හිතු­ම­තේට වැඩ කරලා කෝප් කමි­ටු­වේදී හෙළි­වෙයි

ජාතික ඖෂධ නියා­මන අධි­කා­රිය හිතු­ම­තේට වැඩ කරලා කෝප් කමි­ටු­වේදී හෙළි­වෙයි

ජාතික ඖෂධ නියා­මන අධි­කා­රියේ ලියා­ප­දිං­චිය නිද­හස් කිරීමේ සහ­තික (WOR) විධි­මත් කමිටු අනු­මැ­ති­ය­කින් තොරව වේග­වත් යන්ත්‍ර­ණ­යක් ඔස්සේ විශේෂ ක්‍රම­වේ­ද­ය­කට නිකුත් කරලා

by damith
March 17, 2025 4:04 pm 0 comment

ස්වර්ණා විජේ­කෝන්, සන්ධ්‍යා කරු­ණා­රත්න
  • ජාතික ඖෂධ නියා­මන අධි­කා­රිය සම්බ­න්ධ­යෙන් පරීක්ෂා කිරී­මට කෝප් අනු කමි­ටු­වක් 

ජාතික ඖෂධ නියා­මන අධි­කා­රියේ ලියා­ප­දිං­චිය නිද­හස් කිරීමේ සහ­තික (WOR) විධි­මත් කමිටු අනු­මැ­ති­ය­කින් තොරව වේග­වත් යන්ත්‍ර­ණ­යක් ඔස්සේ විශේෂ ක්‍රම­වේ­ද­ය­කට නිකුත් කර ඇති බව කෝප් කමි­ටු­වේදී අනා­ව­ර­ණය විය.

ප්‍රධාන විධා­යක නිල­ධා­රි­ව­ර­යාගේ තනි කැමැ­ත්තට අනුව ඖෂධ ලියා­ප­දිං­චිය නිද­හස් කිරීමේ ලිපි නිකුත් කිරීම සිදු කර ඇති බවට මෙහිදී අනා­ව­ර­ණය වුණි.

මේ පිළි­බඳ අනා­ව­ර­ණය වූයේ ජාතික ඖෂධ නියා­මන අධි­කා­රියේ 2022, 2023 සහ 2024 වර්ෂ­යන්ට අදාළ විග­ණ­කා­ධි­පති වාර්තා සහ වර්ත­මාන කාර්ය­සා­ධ­නය පරීක්ෂා කිරී­මට පාර්ලි­මේ­න්තුවේ පොදු ව්‍යාපාර පිළි­බඳ කාරක සභාව (කෝප්) එහි සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සම­ර­වීර මහ­තාගේ සභා­ප­ති­ත්ව­යෙන් පසු­ගි­යදා (12) පාර්ලි­මේ­න්තු­වේදී රැස් වූ අව­ස්ථා­වේ­දීය.

මෙහිදී හදිසි ඖෂධ මිලදී ගැනීම සම්බ­න්ධ­යෙන් ජාතික ඖෂධ නියා­මන අධි­කා­රියේ මැදි­හ­ත්වීම සම්බ­න්ධ­යෙන් දීර්ඝ වශ­යෙන් සාකච්ඡා කෙරිණි. මේ අනුව ලියා­ප­දිං­චිය නිද­හස් කිරීමේ සහ­තික (WOR) විධි­මත් කමිටු අනු­මැ­ති­ය­කට යටත් කිරීමේ ක්‍රම­වේ­ද­යෙන් බැහැ­රව වේග­වත් යන්ත්‍ර­ණ‍යක් (Fast Track) ඔස්සේ විශේෂ ක්‍රම­වේ­ද­ය­කට (Special pathway) නිකුත් කර ඇති බවත් එම­ඟින් ප්‍රධාන විධා­යක නිල­ධා­රි­යාගේ තනි කැමැ­ත්තට ලියා­ප­දිං­චි­යෙන් නිද­හස් කිරීමේ ලිපි නිකුත් කිරීමේ ක්‍රම­වේ­ද­යක් අනු­ග­ම­නය කර ඇති බවත් කෝප් කමි­ටුව පෙන්වා දෙන ලදි.

විශේ­ෂ­යෙන්ම 2022 වර්ෂයේ සිටි ප්‍රධාන විධා­යක නිල­ධා­රි­ව­රයා මෙම ක්‍රම­වේ­දය වෙනු­වෙන් මැදි­හත්වී ඇති බව මෙහිදී අනා­ව­ර­ණය වූ අතර එම කාල­සී­ම‍ාව තුළ කොළඔ පිහිටි ප්‍රධාන හෝට­ල­යක පැවත්වූ රාත්‍රී භෝජන සංග්‍ර­හ­ය­කදී ඖෂධ වර්ග විශාල ප්‍රමා­ණ­යක් සඳහා අනු­මැ­තිය ලබා­ගැ­නී­මට සැල­සුම් කර තිබූ බවත් මෙහිදී අනා­ව­ර­ණය විය.

නමුත් මේ සඳහා අධ්‍යක්ෂ මණ්ඩ­ලය නියෝ­ජ­නය කළ වෛද්‍ය­ව­රුන්ගේ විරෝ­ධය පළවී ඇති බවත් එබැ­වින් මේ සම්බ­න්ධ­යෙන් තව­මත් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ නඩු කට­යු­ත්තක් පව­තින බවත් මෙහිදී අනා­ව­ර­ණය විය. මේ පිළි­බඳ දීර්ඝව සාකච්ඡා කිරී­මෙන් අන­තු­රුව ඉදි­රි­යේදී අදාළ කාල­සී­මාවේ ජාතික ඖෂධ නියා­මන අධි­කා­රියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩ­ලය කෝප් කමි­ටු­වට ගෙන්වී­මට තීර­ණය කෙරිණි.

තවද ඖෂධ මිල සම්බ­න්ධ­යෙන් මෙහිදී සාකච්ඡා වූ අතර මෙහිදී නිල­ධා­රීන් පෙන්වා දුන්නේ මිල නියා­මන අංශ­යක් 2022 වර්ෂය දක්වා නොපැ­වති බවත් 2022 වර්ෂ­යේදී එම අංශය ස්ථාපිත කිරී­මෙන් පසුව කලා­පීය වශ­යෙන් ඖෂධ මිල සංස­න්ද­නය කරන බවත්ය.

මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ ඖෂධ මිල සූත්‍රය සම්බ­න්ධ­යෙන් පව­තින බාධා­වන් ඉවත් කර හැකි ඉක්ම­නින් එය ක්‍රියා­ත්මක කිරී­මට කට­යුතු කරන ලෙසය.

ඖෂධ ගෙන්වී­මෙන් පසු, ගෙන්වූ ඖෂධ පරීක්ෂා කිරීම සම්බ­න්ධ­යෙන් පැමිණි නිල­ධා­රී­න්ගෙන් කාරක සභාව විමසූ අතර මෙහිදී නිල­ධා­රීන් පෙන්වා දුන්නේ මෙම පරීක්ෂා කිරීම් සඳහා විද්‍යා­ගා­ර‍ ­ප­හ­සු­කම් සම්බ­න්ධ­යෙන් ගැට­ලු­වක් පව­තින බවය. අධි­කා­රිය සතුව පව­තින මුදල් සංචිත ප්‍රමා­ණය කෝප් කමි­ටුව විමසූ අතර රුපි­යල් බිලි­යන 7ක සංචිත පව­තින බව නිල­ධා­රීහු පැව­සූහ. එබැ­වින් අධි­කා­රියේ මුදල් සංචිත යොදා­ගෙන හෝ ඖෂධ ගෙන්වූ පසු පරීක්ෂා කිරී­මට විද්‍යා­ගා­ර‍යක් සකස් කරන ලෙස කෝප් කමි­ටුව උප­දෙස් ලබා දෙන ලදි.

එසේම කාර්ය­ක්ෂ­මව කට­යුතු කිරී­මට අවශ්‍ය ඉඩ­ප්‍ර­ස්ථාව සකස් කර ගැනීම සඳහා ජාතික ඖෂධ නියා­මන අධි­කාරි පනතේ පව­තින දුර්ව­ලතා මඟ­හ­රවා ගැනී­මට ඉක්ම­නින් කට­යුතු කරන ලෙසත් කෝප් කමි­ටුව උප­දෙස් ලබා­දෙන ලදි.

මීට අම­ත­රව ජාතික ඹෟෂධ නියා­මන අධි­කා­රිය සම්බ­න්ධ­යෙන් පරීක්ෂා කිරී­මට කෝප් අනු­ක­මි­ටු­වක් පත් කිරී­මට කට­යුතු කරන බව ද මෙහිදී කෝප් කමි­ටුවේ සභා­ප­ති­ව­රයා පැවසූ අතර ඉදි­රි­යේදී එම අනු­ක­මි­ටුවේ සාමා­ජි­ක­යන් නම් කර දැනු­ම්දෙන බව ද පැව­සීය.

එමෙන්ම මෙරට වෙ‍ෙළ­ඳ­පොළ තුළ අලෙවි කරන විල­වුන් වර්ග නියා­ම­නය කිරී­මට ආය­ත­න­යක් නොමැති බව පොදු ව්‍යාපාර පිළි­බඳ කාරක සභා­වේදී (කෝප්) අනා­ව­ර­ණය විය.

සුවඳ විල­වුන් සහ ක්‍රීම් වර්ග භාවි­තය නිසා ඇති වන රෝගී තත්ත්ව­යන් පව­තින නිසා සුවඳ විල­වුන් සහ ක්‍රීම් වර්ග නියා­ම­නය කිරී­මට අව­ධා­නය යොමු විය යුතු බව කාරක සභාවේ සාමා­ජික මන්ත්‍රී­වරු, ජාතික ඖෂධ නියා­මන අධි­කා­රියේ නිල­ධා­රීන්ට මෙහිදී පෙන්වා දුන්හ.

කිසිදු ආය­ත­න­ය­කට මේ සම්බ­න්ධ­යෙන් නියා­ම­නය කිරීමේ නීති­මය බල­තල නොමැති බව කමි­ටු­වේදී අනා­ව­ර­ණය වූ අතර මේ සම්බ­න්ධ­යෙන් අවශ්‍ය නියා­මන නීති­මය ප්‍රති­පා­දන සකස් කර තම ආය­ත­න­යට බල­තල දෙන ලෙසට ජාතික ඖෂධ නියා­මන අධි­කා­රියේ නිල­ධා­රීහු පෙන්වා දුන්හ.

ඒ අනුව අවශ්‍ය නීති­මය පිය­වර ගන්නා ලෙස කෝප් කමි­ටුව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­ර­යාට උප­දෙස් ලබා දුන්නේය.

මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන එම්.කේ.එම්. අස්ලම්, සම­න්මලී ගුණ­සිංහ, කෝසල නුවන් ජය­වීර, රුවන් මාප­ල­ගම, සුනිල් රාජ­පක්‍ෂ, ධර්ම­ප්‍රිය විජේ­සිංහ, අසිත නිරෝ­ෂණ එගොඩ විතාන, තිළිණ සම­ර­කෝන් සහ චන්දිම හෙට්ටි­ආ­රච්චි මහත්ම මහ­ත්මීහු සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT