Home » කච්ච­තිව් ශාන්ත අන්තෝනි දේව­ස්ථා­නයේ වාර්ෂික දේව මංග­ල්‍යය නාවික හමු­දාවේ මෙහෙයවී­මෙන් අති­උ­ත්ක­ර්ෂ­වත්ව

කච්ච­තිව් ශාන්ත අන්තෝනි දේව­ස්ථා­නයේ වාර්ෂික දේව මංග­ල්‍යය නාවික හමු­දාවේ මෙහෙයවී­මෙන් අති­උ­ත්ක­ර්ෂ­වත්ව

by damith
March 17, 2025 4:04 pm 0 comment

නිමන්ති රණ­සිංහ යාප­නය කච්ච­තිව් සංචා­ර­යෙන් පසු

යාප­නය අර්ධ­ද්වී­පයේ කච්ච­තිව් දූපතේ, ඓති­හා­සික ශාන්ත අන්තෝනි මුනි­ඳුන්ගේ දේව­ස්ථා­නයේ වාර්ෂික දේව මංග­ල්‍යය, ශ්‍රී ලාංකික හා ඉන්දි­යානු බැති­ම­තුන් විශාල පිරි­ස­කගේ සහ­භා­ගි­ත්ව­යෙන් ඉකුත් 14 සහ 15 යන දෙදින තුළ අති උත්ක­ර්ෂ­වත් අයු­රින් පැවැ­ත්විණි.

ඉන්දි­යාවේ සිව­ගං­ගෙයි රද­ගුරු පද­වියේ ගරු ලුර්දු ආන­න්දන් පිය­තුමා, යාප­නය රද­ගුරු පද­වියේ ගරු පී.ජේ. ජෙබ­ර­ත්නම් පිය­තුමා, කොළඹ අග­ර­ද­ගුරු පද­වියේ ගරු සිස්වාන් ද කෲස් පිය­තුමා, ඉන්දි­යාවේ රාමේ­ශ්ව­රම් පැරිෂ් පූජක ගරු අශෝක් පිය­තුමා සහ ඩෙල්ෆ්ට් පැරිෂ් පූජක ගරු පී. පති­නා­දන් පිය­තුමා යන පූජ­ක­ව­රුන්ගේ මෙහෙ­ය­වී­මෙන්, යාප­නය රද­ගුරු අති උතුම් ජස්ටින් ඥාන­ප්‍ර­කා­සම් පිය­තු­මාගේ සහ යාප­නය දිස්ත්‍රික් ලේකම් මරු­ද­ලිං­ගම් පිර­තී­පන් මහ­තාගේ සංවි­ධා­ය­ක­ත්ව­යෙන් සහ ශ්‍රී ලංකා නාවික හමු­දාවේ පූර්ණ දාය­ක­ත්ව­යෙන් මෙම දේව මංග­ල්‍යය පැවැ­ත්විණී.

මෙම දේව මංග­ල්‍යයේ අව­සන් පූජාව සිදු­කෙ­රුණු පෙරේදා (15) දින පෙර­ව­රුවේ ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­කර් සහ නාවික හමු­දා­පති වයිස් අද්මි­රාල් කාංචන බාන­ගොඩ යන මහ­ත්ව­රුන් ඇතුළු දෙස් විදෙස් සම්භා­ව­නීය අමු­ත්තන් හා රාජ්‍ය­තා­න්ත්‍රික නියෝ­ජි­ත­යින්, සම්භා­ව­නීය අමු­ත්තන් ඇතුළු පිරි­සක් සහ­භාගි වී සිටි­යහ.

ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාව ඇතුළු කිතුනු මෙන්ම බොදු බැති­ම­තුන් ද මහත් ගෞර‍ව‍ ­බ­හු­මා­න­යෙන් පුද පූජා පව­ත්වනු ලබන මෙම ශාන්ත අන්තෝනි මුනි­ඳුන්ගේ දේව­ස්ථා­නයේ වාර්ෂික දේව මංග­ල්‍යය සාර්ථ­කව පැවැ­ත්වීම සඳහා අවශ්‍ය යටි­තල පහ­සු­කම් නාවික හමුදා නිල­ධා­රින්ගේ සුවි­ශේෂි දාය­ක­ත්ව­යෙන් සිදු­කෙ­රිණි.

දේව මංග­ල්‍යට සහ­භා­ගීවූ නාවික හමු­දා­පති වයිස් අද්මි­රාල් කාංචන බාන­ගොඩ මහතා ඇතුළු සම්භා­ව­නීය පිරිස

දේව මංග­ල්‍යට සහ­භා­ගීවූ නාවික හමු­දා­පති
වයිස් අද්මි­රාල් කාංචන බාන­ගොඩ මහතා ඇතුළු සම්භා­ව­නීය පිරිස

නාවික හමු­දාවේ උතුරු නාවික විධා­නයේ ආඥා­ප­තිගේ අධී­ක්ෂ­ණය යටතේ ශ්‍රී ලංකා නාවික හමු­දාව විසින් සියලු පහ­සු­කම් සම්පා­ද­නය කිරී­මට කට­යුතු කර තිබෙනු එහි ගිය අපට දැක­ගත හැකි­විණි. යාප­නය දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලය සහ ඩෙල්ෆ්ට් ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය හා සම්බ­න්ධී­ක­ර­ණය වී බැති­ම­තුන් හට අවශ්‍ය පානීය ජලය, ආහාර, සනී­පා­ර­ක්‍ෂක පහ­සු­කම්, තාව­කා­ලික කුටි, තාව­කා­ලික මංමා­වත් හා ජැටි සකස් කිරීම මෙන්ම විදුලි බල පහ­සු­කම් ස්ථාප­නය, බැති­ම­තුන්ගේ ආර­ක්‍ෂාව සඳහා ජීවි­තා­ර­ක්‍ෂක කණ්ඩා­යම් යෙද­වීම මෙන්ම, වෛද්‍ය පහ­සු­කම් සැල­සීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩ­ල­ය­කින් සම­න්විත වෛද්‍ය මධ්‍ය­ස්ථා­න­යක් ස්ථාප­නය කිරීම ද නාවික හමු­දාව විසින්ම සිදු­කර තිබුණේ නාවික හමු­දාවේ සංවි­ධාන ශක්ති­යෙනි.

මෙම වාර්ෂික දේව මංග­ල්‍යය සඳහා පැමිණි සම්භා­ව­නීය අමු­ත්තන්, රාජ්‍ය තාන්ත්‍රික නිල­ධා­රීන්, පූජ­ක­ව­රුන්, රාජ්‍ය නිල­ධා­රීන්, බැති­ම­තුන් ඇතුළු අනෙ­කුත් සේවා­වන් සැප­යීම සඳහා පැමිණි ජන­තාව මෙන්ම, දෙස් විදෙස් මාධ්‍ය­වේ­දීන් හා දේව මෙහෙය සඳහා අවශ්‍ය විවිධ සැප­යුම් ද කන්ක­ස­න්තු­රය සහ කුරි­ක­ඩ්ඩු­වාන් සිට කච්ච­තිව් දූපත දක්වා ආර­ක්‍ෂි­තව මුහුදු මාර්ග­යෙන් ප්‍රවා­හ­නය කිරීම ද නාවික හමු­දාවේ දාය­ක­ත්ව­යෙන් සිදු­කෙ­රිණී.

මෙවර දෙස් විදෙස් බැති­ම­තුන් නව­ද­හ­ස­කට අධික ප්‍ර‍මාණ­යක් කච්ච­තිව් දූපතේ එක්රොක් වී සිටි­යහ.

ඉන්දි­යාවේ බැති­ම­තුන් සිය බඩු බාහි­රා­දිය කද බැඳ­ග­නි­මින් පවුල් පිටින් ධීවර යාත්‍රා මගින් කච්ච­තිව් දූප­තට පැමිණ කඳ­වුරු බැඳ දේව මෙහෙය සඳහා සූදා­නම්ව සිටිනු එහි ගිය අපි දුටිමු. කච්ච­තිව් දූප­තෙන් බැස­ගත් තැන සිට කිලෝ­මී­ටර් දෙක­කට ආසන්න දුර­කින් දේව­ස්ථා­නය පිහිටා තිබිණි. විශේ­ෂ­යෙන්ම ඉන්දි­යාවේ සිට පැමිණි වෙළෙ­ඳුන් වන්ද­නාවේ පැමිණි පිරිස් සඳහා මග දෙපස තාව­කා­ලි­කව තනා­ගත් වෙළෙද කුටි­වල සිටි­මින් බඩු බාහි­රා­දිය විකි­ණීම කළේ දකුණු ඉන්දි­යාවේ තොරො­ම්බල් කඩ­වල් සිහි­යට නංව­මිනි. ඉමි­ටේ­ෂන් මාල, වළලු, කරාබු, ප්ලාස්ටික් බඩු, දරු­වන්ගේ සෙල්ලම් බඩු, ඇඳුම් ආයි­ත්තම් මේ කඩ­වල පිරී තිබිණි. දේව­මෙ­හෙ­යට යන එන පිරිස් එම කුටි­වල රැඳෙ­මින් අවශ්‍ය බඩු­බා­හි­රා­දිය මිලට ගනු පෙණිනි. මෙම බොහෝ තාව­කා­ලික කුටි­වල ඉන්දි­යානු මුදල් නෝට්ටු ගනු­දෙ­නු­වීම විශේ­ෂ­ත්ව­යකි.

දේව මෙහෙය සඳහා සහ­භාගි වී සිටි දෙස් විදෙස් පූජ්‍ය පක්ෂය එක්රැස්වී සිටි පිරි­සට දේශනා පව­ත්ව­මින් දේව ආශී­ර්වා­දය පැතූහ. ශාන්ත අන්තෝනි පිය­තු­මන්ගේ ආශී­ර්වා­දය ලබා­ගැ­නී­මට පැමිණි පිරිස් යාතිකා ගය­මින් දේව මෙයෙට සහ­භාගි වී සිටි­යහ. දේව මෙහෙය අව­සා­නයේ බැති­ම­තුන් සිය­ල්ලෝම දේවා­ශී­ර්වාද ලබා­ගැ­නී­මෙන් පසු දූප­තින් නික්ම යෑම සඳහා යුහු­සු­ලුව කට­යුතු කරනු දක්නට ලැබිණි. ඒ අනුව පෙරේදා (15) දහ­වල් 12 පමණ වන විට එම බැති­ම­තුන් සිය වන්දනා ගමන නිමා­කොට දූප­තෙන් නික්මීම සිදු­විය.

මෙම මංග­ල්‍යය අව­සා­න­යේදී මාධ්‍ය­යට අද­හස් දැක්වූ නාවික හමු­දා­ප­ති­ව­රයා මෙසේ පැව­සීය.

‘‘මෙවර මෙම මංග­ල්‍ය­යට අට­ද­හ­ස­කට අධික පිරි­සක් මේ වන විට සහ­භාගි විය. මෙම උත්ස­වය සාර්ථ­කව සංවි­ධා­නය සඳහා නාවික හමු­දා­වෙන් විශාල වෙහෙ­සක් ගන්නවා. නාවික හමු­දා­පති හැටි­යට ඒ ගැන කියන්නේ ඉතා­මත් සතු­ටින්. මේ පැමිණ සිටින හැම නිල­ධා­රි­යෙක්ම ඒ සඳහා කැප­වෙ­නවා. ගිය­වර මෙම මංග­ල්‍ය­යට සහ­භාගි වී තිබුණේ තුන්ද­හස් පන්සී­යක් පමණ පිරි­සක්. නමුත් එය මෙවර බැති­ම­තුන්ගේ පැමි­ණීම සීග්‍ර‍ ­ව­ර්ධ­න­යක් ලෙස දකින්න පුළු­වන්.“

මෙම මංග­ල්‍ය­යට පැමිණ සිටි ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­කර් මහතා මෙසේ පැව­සීය.

‘‘මේ දේව මෙහෙය සඳහා විශාල පිරි­සක් පැමිණ සිටියා. මා දැක්ක එකම දේ තමයි එකම ජාති­යක් ලෙස මේ ස්ථාන­යට පැමිණි පිරිස් වන්ද­නා­මාන කළා. අපේ රටට සාමය, සමා­දා­නය උදා­වෙන්න මේ ජන­තාව පැතුවා. අපි බේද බින්න නොවී එක්සිත්ව ඉන්න තමයි මේ දේව මෙහෙ­යෙන් අපි පතන්නේ. ඊළඟ මංග­ල්‍යය මීටත් වඩා හොඳින් කරන්න තමයි අපි බලා පොරොත්තු වෙන්නේ. මේ මංග­ල්‍ය­යෙන් අපි බලා­පො­රොත්තු වෙන්නේ අපේ රටේ විත­රක් නෙමේ ජාත්‍ය­න්ත­ර­යේත් සම­ගිය අපේ­ක්ෂා­වයි.“

ශාන් රූප­ස්සර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT