Monday, April 21, 2025
Home » රෝගීන් ඇපයට ගෙන සෞඛ්‍ය සේවය අඩපණ කරන්න දෙන්නේ නෑ

රෝගීන් ඇපයට ගෙන සෞඛ්‍ය සේවය අඩපණ කරන්න දෙන්නේ නෑ

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති

by damith
March 17, 2025 4:04 pm 0 comment

සන්ධ්‍යා කරු­ණා­රත්න

රෝගීන් ඇප­යට තබා­ගෙන, රෝගීන් දුෂ්ක­ර­තා­වට පත්වන අයු­රින්, සෞඛ්‍ය සේවය අඩ­පණ වන ආකා­ර­යට කිසි­වෙක් කට­යුතු කරන්නේ නම්, ජන­තා­වගේ පැත්තේ සිට­ගෙන ඒ වෙනු­වෙන් තීන්දු ගැනී­මට වත්මන් රජය බැඳී සිටින අතර ඒ වෙනු­වෙන් නොපැ­කි­ළිව කට­යුතු කරන බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

වත්මන් රජයේ ප්‍රමුඛ අර­මුණ වනුයේ ජන­තා­වගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම සෞඛ්‍යා­ර­ක්ෂාව බවත්, මෙම පණි­වි­ඩය තේරුම් ගෙන සියලු සෞඛ්‍ය වෘත්ති­ක­යන් කට­යුතු කරනු ඇතැයි සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය සහ රජය බලා­පො­රොත්තු වන බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

අමා­ත්‍ය­ව­රයා මේ බව කියා­සි­ටියේ ලෝක වකු­ගඩු දිනය වෙනු­වෙන් සමස්ත ලංකා වකු­ගඩු රෝගීන්ගේ සංග­මය සංවි­ධා­නය කළ ලෝක වකු­ගඩු දින සැම­රුම් උත්ස­ව­යට ප්‍රධාන ආරා­ධි­තයා ලෙස එක්වෙ­මිනි.

සෞඛ්‍ය වෘත්ති­ක­යන් සමඟ සාකච්ඡා කර විස­ඳා­ගත නොහැකි ගැටලු, ප්‍රශ්න කිසි­වක් නොමැති බවත්, ඒ වෙනු­වෙන් රජය ඕනෑම අව­ස්ථා­වක කැප­වී­මට සූදා­නම් බවත් ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

කලින් පැවති රජ­යන්, කට­යුතු කළ ආකා­ර­යට නොව ජන­තා­වට, සෞඛ්‍ය වෘත්ති­ක­යන්ට අවශ්‍ය ඕනෑම ගැට­ලු­වක්, ප්‍රශ්න­යක් වර්ත­මාන රජය සමඟ සාකච්ඡා කර විස­ඳා­ගැ­නී­මට හැකි­යාව ති‌බෙන බවත්, එම සාක­ච්ඡා­ව­ලට රජ­යක් ලෙස ජන­තා­වගේ පැත්තේ සිට­ගෙන විස­ඳුම් ලබා දෙන්නට ඕනෑම අව­ස්ථා­වක සූදා­නම් බවත් අමා­ත්‍ය­ව­රයා මෙහිදී අව­ධා­ර­ණය කළේය.

ලක්ෂ එක­හ­මා­රක සෞඛ්‍ය බල­ඇ­ණි­යක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කට­යුතු කරන බවත්, ඔවුන්ගේ සේවාව මෙර­ටට අත්‍ය­වශ්‍ය බවත් ඇමැ­ති­ව­රයා පැව­සීය.

එම පිරිස විශාල කාර්ය­භා­ර­යක් උසු­ල­මින් කට­යුතු කරන බවත් වාට්ටු­වට, බාහිර රෝගී අංශ­යට, සාය­න­යට, විවිධ දුෂ්ක­රතා සමඟ පැමි­ණෙන රෝගියා වෙනු­වෙන් ඉහ­ළම සත්කා­රය ලබා­දීම සෞඛ්‍ය වෘත්ති­ක­යන්ගේ වග­කී­මක්, යුතු­ක­මක් බවත් ඇමැ­ති­ව­රයා කියා සිටි­යේය.

ජාතික සැලැ­ස්ම­කට අනුව කට­යුතු කිරීම වත්මන් රජයේ අපේ­ක්ෂාව බවත් කිසිදු අව­ස්ථා­වක දේශ­පා­ල­න­ඥ­යන්ගේ ප්‍රති­රූප ඉහළ නැංවී­මට අද­හස් නොක­රන අතර ඒ වෙනු­වට ජනතා සේවය නිබ­ඳව සිදු කරන බවත් ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සු­වේය.

ශ්‍රී ලාංකේය වකු­ගඩු රෝග නිවා­ර­ණ­යට, පර්යේ­ෂ­ණ­යට වකු­ගඩු රෝගී ජන­තාව වෙනු­වෙන් අන­භි­භ­ව­නීය මෙහෙ­ව­රක් සිදු කළ විද්‍යා­ජෝතී මහා­චාර්ය රිස්වි ශෙරීෆ් මහතා මෙහිදී විශේෂ ඇග­යී­ම­කට ද ලක්කෙ­රිණ.

සමස්ත ලංකා වකු­ගඩු රෝගීන්ගේ සංග­මය මඟින් මෙහිදී වකු­ගඩු රෝගීන්ට වියළි ආහාර මලු 225ක් බෙදා දීම, රුධිර කාන්දු­පෙ­රණ ප්‍රති­කා­රය සඳහා වවු­ච­ර්පත් ප්‍රදා­නය, වකු­ගඩු රෝගීන්ගේ දරු­වන්ට ශිෂ්‍යත්ව ප්‍රදා­නය, වකු­ගඩු රෝගීන්ට ප්‍රවා­හන දීමනා ලබා­දීම, සෞඛ්‍ය ප්‍රති­ලාභ හිමි­කම් ගෙවීම, වකු­ගඩු බද්ධ කළ අය ඇග­යීම, වකු­ගඩු සංග­මයේ සුපි­න්වත් මෙහෙ­ව­ර­යන්ට දායක වූ සුපි­න්ව­තුන් ඇග­යීම, වකු­ගඩු පුව­ත්පතේ 30 වැනි කලා­පය එළි­දැ­ක්වීම වැනි සත්කා­ර­යන් ද මෙහිදී සිදු­කෙ­රිණ.

ප්‍රවීණ සින­මා­වේ­දීන් වන ආචාර්ය රවීන්ද්‍ර රන්දෙ­ණිය, ජීවන් කුමා­ර­තුංග, ප්‍රවීණ රංගන ශිල්පි­නි­යන් වන සංගීතා වීර­රත්න, ෆර්නි රෝෂිණී, ප්‍රවිණ ගායක දයාන් විතා­රණ, ප්‍රදීපා ධර්ම­දාස, චරිතා ප්‍රිය­ද­ර්ශනී පීරිස්, වකු­ගඩු රෝග පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය අර්ජුන මාර­සිංහ, ප්‍රවීණ ගීපද රචක බණ්ඩාර ඇහැ­ළි­ය­ගොඩ, හිටපු ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචා­රක සේන නන්ද­වීර මහත්ම මහ­ත්මීන් ද, විද්ව­තුන්, කලා­ක­රු­වන්, වකු­ගඩු රෝගී ජන­තාව ඇතුළු විශාල පිරි­සක් මෙම අව­ස්ථා­වට සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT