Home » නාය­යෑ­මෙන් උන්හිටි තැන් අහි­මිවූ පූනා­ගල පවුල් 51කට නව නිවාස

නාය­යෑ­මෙන් උන්හිටි තැන් අහි­මිවූ පූනා­ගල පවුල් 51කට නව නිවාස

by damith
March 17, 2025 4:03 pm 0 comment

නුවන් කොඩි­කාර

නාය­යෑම් හේතු­වෙන් උන්හිටි තැන් අහිමි පූනා­ගල මහ­කන්ද තේ කර්මා­න්ත­ශා­ලාවේ ජීවත් වූ පවුල් 51ක් සඳහා පර්චස් 10 බැඟින් වූ ඉඩ­මක් සහ නව නි‍ෙව­සක් ලබා­දී­මට රජය තීර­ණය කර තිබේ.

ඒ අනුව නව නිවාස ඉදි­කි­රීම සඳහා මුල්ගල් තැබීම හල්දු­ම්මුල්ල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ පූනා­ගල කබ­ර­ගල කොට­සේදී වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති සමන්ත විද්‍යා­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඊයේ (16) සිදු කෙරිණි.

පර්චස් 10ක ඉඩම් කොටස සමඟ රුපි­යල් ලක්ෂ 28ක විය­ද­මින් යුතුව අංග­ස­ම්පූර්ණ නි‍ෙව­සක් ඉදි­කි­රී­මට නිය­මි­තය. නිවාස 51ක් ඉදි­කි­රීමේ ව්‍යාපෘ­තිය සඳහා වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් අමා­ත්‍යාං­ශය මඟින් මූල්‍ය විය­දම් දරන අතර ශ්‍රී ලංකා යුද හමු­දාවේ ශ්‍රම­දා­ය­ක­ත්ව­යෙන් ඉදි­කි­රී­මට නිය­මි­තය.

මේ නිවාස ඉදි­කි­රීම සඳහා මුදල් තමන්ගේ හෝ වෙනත් කාගේ හෝ පෞද්ග­ලික මුදල් නොව මහ­ජ­න­තා­ව­ගේම බදු මුදල් බවත් ඒ නිසා තමා ඇතුළු කණ්ඩා­ය­මට දැමූ මල් මාලා දැමිය යුත්තේ තමන් ඇතුළු පිරි­සට නොවන බවත් ඇමැ­ති­ව­රයා කියා සිටි­යේය.

ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද පැවැ­සීය.

“ජන­තා­වට එහෙම වුණාට පාල­ක­යන්ට එහෙම වුණේ නෑ. ගෙවල් ගිනි තිබ්බාට පස්සේ ඒවට මාසෙන් දෙකෙන් කෝටි ගණන් වන්දි ගත්තා. දැන් මේ නිවාස ව්‍යාපෘ­ති­යක් දුන්නේ රටේ ජන­තා­වගේ බදු මුද­ල්ව­ලින්. අමා­ත්‍යාං­ශ­යෙන් මේ නිවාස සඳහා රුපි­යල් ලක්ෂ 1800ක් වෙන් කළා.

හැබැයි පසු­ගිය කාලේ මන්ත්‍රී­ව­රුන් එයා­ලගේ ගෙව­ල්ව­ලට එක ගේකට රුපි­යල් ලක්ෂ 1300ක් පමණ අර­ගෙන තිබෙ­නවා.”

ඌව පළාත් ආණ්ඩු­කාර නීතිඥ කපිල ජය­සේ­කර, වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් නියෝජ්‍ය ඇමැති සුන්දර ලිංග ප්‍රදීප්, යුද හමු­දා­පති ලුති­නල් ජෙන­රාල් ලසන්ත රොද්‍රිගො, වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් අමා­ත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර­කීර්ති මහ­ත්වරු මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT