Home » රාම­සාන් ජාතික උත්ස­වය රාජ්‍ය අනු­ග්‍ර­හ­යෙන්

රාම­සාන් ජාතික උත්ස­වය රාජ්‍ය අනු­ග්‍ර­හ­යෙන්

by damith
March 17, 2025 4:04 pm 0 comment

නෙරං­ජලා වික්‍ර­ම­සිංහ

මෙවර රාම­සාන් උත්ස­වය, සලාම් රාම­සාන් යන තේමාව යටතේ ජාතික උත්ස­ව­යක් ලෙස රාජ්‍ය අනු­ග්‍ර­හ­යෙන් පැවැත්වේ.

මේ සම්බ­න්ධ­යෙන් කොළඹ දී පැවති මාධ්‍ය හමු­ව­කදී ජාතික රාම­සාන් උත්සව කමි­ටුවේ සභා­පති රිසාන් නසීර් මහතා සඳ­හන් කළේ මෙවර ජාතික රාම­දාන් උත්ස­වය සලාම් රාම­දාන් යන තේමාව යටතේ මාර්තු 21 වැනිදා සිට 31 වැනිදා දක්වා උත්ස­ව­ශ්‍රී­යෙන් පැවැත් වීමට සියලු කට­යුතු සූදා­නම් කර ඇති බවයි.

වත්මන් සමා­ජයේ යම්තාක් දුර­කට පසු­බැස ඇති සම්ප්‍ර­දා­යන් සමා­ජ­යට ප්‍රද­ර්ශ­නය කිරීමේ සාමා­ජ­යීය අර­මුණ පෙර­දැරි කර­ග­නි­මින් හා ජාතික සම­ගිය මුළු ලොවට විදහා පෑමේ අර­මු­ණින් මෙවර ජාතික රාම­සාන් උත්ස­වය සංවි­ධා­නය කෙරෙයි.

බස්නා­හිර පළාත් සභාව විසින් පත්ක­රන ලද ජාතික රාම­සාන් උත්සව කමි­ටුව විසින් මෙම ව්‍යාපෘ­තිය සැල­සුම් කර තිබේ. මෙම ජාතික උත්ස­ව­යට සම­ගා­මීව මාර්තු 21 සිට 31 වැනිදා දක්වා දින 10ක් මුළුල්ලේ කොළඹ නග­රය වටා ආලෝ­ක­වත් කිරී­මට සහ ග්‍රීන් පාත් පරි­ශ්‍ර‍ෙය් දින 3ක් මුළුල්ලේ සංස්කෘ­තික උත්ස­ව­යක් පැවැ­ත්වී­මට අවශ්‍ය කට­යුතු සූදා­නම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංස්කෘ­තික විවි­ධ­ත්වය විදහා දක්වන තවත් එක් උත්සව කලා­ප­යක් වශ­යෙන් සලාම් රාම­සාන් උත්ස­වය සංවි­ධා­නය කිරී­මට සැල­සුම් කර තිබේ. මේ හරහා මුස්ලිම් ජන­යාගේ විවිධ පාර­ම්ප­රික සහ සාම්ප්‍ර­දා­යික චාරිත්‍ර ආදී හර­යන් පිළි­බ­ඳව මූලික අව­බෝ­ධය හා දැනුම වැඩි­දි­යුණු කිරී­මට අපේක්ෂා කෙරේ.

මෙම උත්ස­වය පැවැ­ත්වීම තුළින් ආග­මික හා සංස්කෘ­තික වශ­යෙන් සමස්ත සමා­ජය එක­මුතු කිරී­මට හා අනෙ­කුත් සංස්කෘ­තික උත්ස­ව­යන් සම­රන ආකා­ර­ය­ටම වැඩි ප්‍රජා සහ­භා­ගි­ත්ව­යක් ආර්ථික සහ­භා­ගි­ත්ව­යක්, සහ අන්තර් ආග­මික අව­බෝ­ධ­යක් ඇතිව සැම­රී­මට අවශ්‍ය කට­යුතු සංවි­ධා­නය කොට තිබේ.

රාම­සාන් උත්ස­වය මුස්ලිම් ජන­යාගේ පාර­ම්ප­රික සංස්කෘ­තික ආචා­ර­ධර්ම ආහා­ර­පාන යනාදී සියලු දෑ වන බැවින් මේ පිළි­බ­ඳව සමා­ජයේ සෙසු සියලු දෙනා සමඟ බෙදා හදා­ගැ­නී­මට මෙම කාරණා පිළි­බඳ සමා­ජ­යට හෙළි­ද­රව් කිරී­මට අව­ශ්‍යයි.

ලෝකය පුරා වෙසෙන මුස්ලිම් සංස්කෘ­තීන්ට සම්බන්ධ බොහෝ දෑ පිළි­බඳ දැනුම මෙම සංස්කෘ­තික උත්ස­ව­යේදී සමා­ජ­යට පිරි­නැමේ.

උප­වා­සය අත්හැ­රී­මට පම­ණක් නොව ශ්‍රී ලාංකි­ක­යන් ලෙස එක­මු­තු­කම, සහ­යෝ­ගී­තාව, ආශි­ර්වා­දය සහ දියු­ණුව වෙනු­වෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ප්‍රජාව එක්ව සම­රන සුවි­ශේෂී අව­ස්ථා­වක් සහ සුවි­ශේෂී දින­යක් බවට පත්කි­රීම මෙම වැඩ­ස­ට­හනේ අපේ­ක්ෂා­වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT