39
මාර්තු මාසයේ මුල් සති දෙක තුළ පමණක් පොලීසිය කළ වැටලීම්වලින් විවිධ වර්ගයේ ගිනිඅවි 105ක් අත්බෝම්බ 18ක් සහ පතරොම් 2,432ක් සොයාගෙන තිබේ.
ටී-56 වර්ගයේ අවි 01ක්, රිවෝල්වර 08ක්, පිස්තෝල 06ක්, වායු පිස්තෝල 02ක්, පතරොම් තුවක්කු සහ බඳින තුවක්කු 88ක් සොයාගත් ගිනිඅවි අතර වෙතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය. සොයාගත් පතරොම් අතර වැඩියෙන්ම ඇත්තේ ටී-56 අවිවලට යොදන පතරොම්ය. එම ප්රමාණය පතොරම් 1,500 ඉක්මවන බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය.
පසුගිය සමයේ යුක්තිය මෙහෙයුමෙන්ද මෙතරම් ගිනිඅවි සහ පතරොම් පොලීසිය සොයාගෙන නොතිබුණි.