Home » මේ මස මුල් සති දෙකේ ගිනි­අවි 105ක්-අත්බෝම්බ 18ක් පත­රොම් 2,432ක් සොයා­ගෙන

මේ මස මුල් සති දෙකේ ගිනි­අවි 105ක්-අත්බෝම්බ 18ක් පත­රොම් 2,432ක් සොයා­ගෙන

by damith
March 17, 2025 4:03 pm 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

මාර්තු මාසයේ මුල් සති දෙක තුළ පම­ණක් පොලී­සිය කළ වැට­ලී­ම්ව­ලින් විවිධ වර්ගයේ ගිනි­අවි 105ක් අත්බෝම්බ 18ක් සහ පත­රොම් 2,432ක් සොයා­ගෙන තිබේ.

ටී-56 වර්ගයේ අවි 01ක්, රිවෝ­ල්වර 08ක්, පිස්තෝල 06ක්, වායු පිස්තෝල 02ක්, පත­රොම් තුවක්කු සහ බඳින තුවක්කු 88ක් සොයා­ගත් ගිනි­අවි අතර වෙතැයි පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. සොයා­ගත් පත­රොම් අතර වැඩි­යෙන්ම ඇත්තේ ටී-56 අවි­ව­ලට යොදන පත­රොම්ය. එම ප්‍රමා­ණය පතො­රම් 1,500 ඉක්ම­වන බව ද පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

පසු­ගිය සමයේ යුක්තිය මෙහෙ­යු­මෙන්ද මෙත­රම් ගිනි­අවි සහ පත­රොම් පොලී­සිය සොයා­ගෙන නොති­බුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT