Home » වරදකරුවන්ට දඬුවම් නොදෙන කොමි­ස­ම්ව­ලින් වැඩක් නෑ

වරදකරුවන්ට දඬුවම් නොදෙන කොමි­ස­ම්ව­ලින් වැඩක් නෑ

හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන

by damith
March 17, 2025 4:03 pm 0 comment

ජය­සිරි මුණ­සිංහ

1988-89 කාලයේ සිවිල් යුද තත්ත්ව­යක් රටේ පැවති බවත් ඒ සම්බ­න්ධව සාධා­ර­ණය සොයා බැලී­මට කොමි­ෂන් සභා පත් කරන්නේ නම් එක් පාර්ශ්ව­යක් කළ දේ ගැන පම­ණක් නොව සියලු පාර්ශ්ව­යන් කළ දේ ගැන සොයා බැලිය යුතු බවත් හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා පැව­සීය.

කොළඹ ඩී.ආර්. විජ­ය­ව­ර්ධන මාවත පිහිටි ශ්‍රී ලංකා තැපැල් මූල­ස්ථාන ශ්‍රව­ණා­ගා­රයේ පෙරේදා (15) පැවති ශ්‍රී ලංකා නිද­හස් උප­ස්ථා­ය­ක­යින්ගේ සංග­මයේ 2025 නිල ලාංඡන (Caregiver) පැල­ඳ­වීමේ උත්සව අව­ස්ථා­වට සහ­භාගි වෙමින් හිටපු ජනා­ධි­ප­ති­ව­රයා එසේ කීය.

1988-89 කාලයේ සිවිල් යුද තත්ත්ව­යක් රටේ පැව­තියා. එක අත­කින් රාජ්‍ය ත්‍රස්ත­වා­ද­යත්, අනෙක් අතින් ජ.වි.පෙ. ත්‍රස්ත­වා­ද­යත් ක්‍රියා­ත්මක වුණා.

වසර 30ක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත­වා­ද­යත් ක්‍රියා­ත්මක වුණා. මේ සියලු ත්‍රස්ත­වාදී ක්‍රියා නිසා සෑම පාර්ශ්ව­ය­කම අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වුණා. ජීවිත නැති­වුණා, දේපළ විනාශ වුණා.

මේවා පිළි­බඳ සොයා බැලී­මට සාධා­ර­ණව පරීක්ෂා කිරී­මට කට­යුතු කර­නවා නම් සියලු දේටම ජනා­ධි­පති කොමි­ෂන් සභා පත් කළ යුතුයි. එක් පාර්ශ්ව­යක් සිදු­කළ දෙයක් පිළි­බඳ සෙවී­මට පම­ණක් කොමි­සම් පත්කි­රීම සුදුසු නැහැ.

එසේ කොමි­සම් පත්ක­ර­නවා නම් සියලු පාර්ශ්ව­යන් සිදු­කළ දේ පිළි­බඳ සොයා බැලිය යුතුයි.

මම ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කරද්දි කොමි­ෂන් සභා පහක් පත් කළා. මහ බැංකු වංචාව පිළි­බඳ සොයා බැලී­මට ජනා­ධි­පති කොමි­ෂන් සභා­වක් පත් කළා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වංචා සොයා බැලී­මට කොමි­ස­මක් පත් කළා. වසර 2015 ට පෙර පැවැති රජය සිදු­කළ වංචා සොයා බැලී­මට කොමි­ස­මක් පත් කළා. මගේ රජය යට­තේම වංචා දූෂණ සිදු­කළ පුද්ග­ල­යන්ට එරෙ­හිව සොයා බැලී­මට කොමි­ස­මක් පත් කළා.

මෙම කොමි­ෂන් සභා හරහා නිර්දේශ ඉදි­රි­පත් කළාට වැඩක් නැහැ. ඒවාට සම්බන්ධ වූවන්ට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කිරී­මට පිය­වර නොගන්නේ නම්. පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කරපු කොමි­ෂන් සභා වාර්තා ඉදි­රි­යට ගෙන ගොස් වර­ද­ක­රු­වන්ට දඬු­වම් ලබා දිය හැක්කේ ඒ සම්බ­න්ධව කට­යුතු කරන ආය­තන, දෙපා­ර්ත­මේන්තු, අමා­ත්‍යාං­ශ­ව­ල­ටයි. ඒවා­යෙන් නිසි ලෙස කට­යුතු සිදු­නොවේ නම් ජනා­ධි­පති කොමි­ස­ම්ව­ලින් පලක් නැහැ යැයිද හෙතෙම කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT