මෙම පුවත වාර්තා වන්නේ පුත්තලම පැත්තේ දුෂ්කර පාසලකිනි. දිනක් ප්‍රාථමික අංශය භාර ගුරුවරිය සිය පන්ති රැස්වීම් අවස්ථාවකදී දරුවන්ගේ මවුපියන් ඇමතුවාය.
‘‘මූලිකම කාරණාවක් විදිහට අම්මලට මේකත් කියන්න ඕනෑ. දරුවෝ ඉස්කෝලේ ඇරිලා ගිහිල්ලා නිෙවසේ ඉඳලා පාසල් අමතර වැඩ කරන්න අවශ්‍යයි. මොකද අමුතුවෙන් ටියුෂන් යවන්න ඕනෑ නැහැ. ඒ නිසා දරුවන්ට ඒ අමතර වැඩ ටික ලබාදෙන්න ඔය මවුපියන්ගේ වට්ස්අප් අංකය එකතු කරලා ගෲප් එකක් හදා ගමු. එතකොට අවශ්‍ය සෑම පණිවිඩ වුණත් ඒකේ දාන්න පුළුවන් අපිට.“
ගුරුවරියගේ මේ අදහසට එකහෙළා කැමැත්ත පළකළ බහුතරයක් මවුපියන් සිය දුරකතන අංක පන්ති භාර ගුරුතුමියට ලබා දෙන්න කිසිසේත් පැකිළීමක් දැක්වූයේ නැත. ගුරුවරිය වහාම එම වට්ස්අප් සමූහය නිර්මාණය කළාය. එදිනම හා හා පුරා කියා එම ගුරුවරිය දරුවන්ගේ ගෙදර වැඩ කියූ පරිදි සමූහයට යොමු කරන්නට වූවාය.
එක්තරා දිනෙක ඇයට නාදුනන දුරකතන අංකයකින් වට්ස්අප් පණිවිඩ ගණනාවක් ලැබිණි. ‘හායි පැටියෝ.. කොහොමද? කෑවද? ඔයා හරි ලස්සනයි.“ මෙවැනි පණිවිඩවලට ඇය පිළිතුරු නොදුන්නත් මේ කවුදැයි යන්න ඇයට දැනගැනීමේ දැඩි ඕනෑකමක් ඇතිව තිබිණි. ඒ නිසාම ඇය ද ඒවාට ඉඳහිට පිළිතුරු යැව්වේ මේ කවුදැයි කියා දැන ගැනීමටය. පසුව එක්තරා දවසක ඇය පවත්වාගෙන ගිය දරුවන්ගේ අමතර පංති සමූහයට අමුතු පණිවිඩයක් ලැබී තිබිණි.
‘‘මැණික. ඔයා අද ඇඳගෙන ආව සාරිය මාර ගති පැටියෝ”
මෙම පණිවිඩය දුටු සැණින් වහා ක්‍රියාත්මක වූ ගුරුවරිය එම පණිවිඩයට පිළිතුරු ලීවාය.
“මැණිකක් නම් මාරම හොඳයි. හොඳ ගාණකට විකුණගතෑකි. පැටියෙක් නම් දරුකමට හරි හදා ගතෑකි. සාරිය නම් මාරම ගති තමයි.. දැන් නම් මම හොයා ගත්තා මේ කවුද කියලා”
මඳ වේලාවකින් මේ කියනා කාරණයට අදාළ මවුපියන්ගේ නිවෙසේ එක ගුටිකෙළියකි. මේ සිද්ධිය ගැන කතානායකයාගේ බිරියට කියා තිබුණේ එම සමූහයේ සිටි අසල්වැසි තවත් කාන්තාවකි.
‘අනේ ඔයා දන්නවද? ඔයාගේ මහත්තයා අර ඉස්කෝලේ ගෲප් එකට දාලා තියෙන එක.”
‘මොකක්ද? මොකක්ද“ වහා ක්‍රියාත්මක වූ ඇය සිය සැමියාගෙන් ජංගම දුරකතනය ඉල්ලාගෙන එම සමූහයට ගොස් බැලුවාය. ඒ වන විටත් එහි විවිධ විවිධ වදන්වලින් දිගින් දිගටම ප්‍රතිචාර ලැබී තිබෙනු ඇය දුටුවාය.
‘ඈ ඕයි. තමුසේ මේ ගෲප් එකට මේක දැම්මේ වෙන ගෑනියකුට යවන එකක් නේද? වැරදිලා නේද යැව්වේ? දැන් ඉතිං ඔයිට වඩා හොඳයි දිවිනහගත්තා නම්. කොහොමද මේ ගමේ ඉන්නේ”
ඒ වන විටත් ගම පුරා මේ ගින්න පැතිරිණි. එදා සිට ඔහුව දුටු බොහෝ පිරිසක් උසුළු විසුළු කර ඇත්තේ “මැණික, පැටියා.. කෝ සාරිය..“ කියාලු.