Home » අම්පාර මහ රෝහලේ දී කළ දරු­ව­කුගේ උඩු තොල සකස් කිරීමේ සැත්ක­ම සාර්ථ­කයි

අම්පාර මහ රෝහලේ දී කළ දරු­ව­කුගේ උඩු තොල සකස් කිරීමේ සැත්ක­ම සාර්ථ­කයි

by damith
March 17, 2025 4:02 pm 0 comment

දිගා­ම­ඩුල්ල විශේෂ - වසන්ත චන්ද්‍ර­පාල

අම්පාර මහ රෝහලේ දි උඩු තොල නොමැ­තිව ඉප­දුන දරු­ව­කුගේ තොල සකස් කිරීමේ සාර්ථක සැත්ක­මක් අම්පාර මහා රෝහලේ මුඛ හනු පිළි­බඳ විශේෂ වෛද්‍ය ආර්.අයි. රිෂාන් මහතා විසින් සිදු­කර තිබේ.

දැනට මාස තුන­කදි පමණ පෙර මේ දරු උපත සිදුවී ඇති අතර දරු­වාට මාස තුනක් ගතවු පසු අම්පාර මහා රෝහ­ලේදි මෙම සැත්කම ඉතා සාර්ථ­කව සිදු­කර තිබේ.

මුඛ හනු පිළි­බඳ විශේෂ වෛද්‍ය ආර්.අයි. රිෂාන් මහතා පැව­සුවේ මෙම සැත්කම ඉතා සාර්ථ­කව කිරී­මට හැකිවු බවයි. මෙම ශල්‍ය කර්මය කිරී­මට අවශ්‍ය පහ­සු­කම් මෙම රෝහලේ පව­තින බව පැවසු වෛද්‍ය­ව­රයා ඒ සඳහා අම්පාර මහා රෝහලේ නිර්වි­න්දන වෛද්‍ය­ව­රුන්ගේ මෙන්ම හෙද කාර්යය මණ්ඩ­ල­යෙන් ලැබුණ සහය ඉතා අගය කරන බව පැව­සීය.

මේ පිළි­බඳ විම­සී­මේදි අම්පාර මහා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ විශේ­ෂඥ වෛද්‍ය රංග චන්ද්‍ර­සේන මහතා පැව­සුවේ, දැනට අම්පාර මහා රෝහලේ මෙවැනි සැත්කම් සිදු­ක­රන අතර ඒ සඳහා දක්ෂ විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යෙක් අම්පාර මහා රෝහලේ සිටින බවයි. මෙවැනි දරු උපත් අම්පාර දිස්ත්‍රි­ක්කයේ කුමන ස්ථාන­යක සිදු­වු­වත් එය සාර්ථක සැත්ක­මක් මගින් එම අඩු­පා­ඩුව සකස් කර ගැනී­මට හැකි බව ද වෛද්‍ය අධ්‍ය­ක්ෂ­ව­රයා සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT