Home » එස්.ජී.ට.අනූ දෙකයි!

එස්.ජී.ට.අනූ දෙකයි!

by damith
March 17, 2025 4:02 pm 0 comment

සිය දිවි ගමනේ 92 වැනි වසර ද පසු කළ එස්.ජී. පුංචි­හේවා මහා ලේඛ­ක­යා­ණන්, ගුරු­න­යු­වා­ණන්, මාධ්‍ය­වේ­දි­යා­ණන්, පොදු ජන­තා­වගේ නීති­වේ­දි­යා­ණන් පිළි­බඳ මතක සට­හන් කීප­යක් වේ.

* 1987, 89 භීෂණ සම­යේදී සූරි­ය­කන්දේ වැළ­ලුණු තරු­ණ­යන්ගේ හඬ ලොවට ගෙන ගිය දෙතුන් දෙනා­ගෙන් කෙනෙක් ඔබ.

* ණය ගෙවී­මට අප­හසු වූ ගොවීන් සිර­ගෙට දැක්කී­මට නීති ගෙන ආ, ජල බදු මඟින් ගොවි ගෙල සිර කිරී­මට තැත්කළ එ.ජා.ප. නාය­ක­යන්ට එරෙ­හිව පෑනත්, සිය නීතිඥ වෘත්ති­යත් කැප කළ කෙනෙක් ඔබ.

• ලූශුන්, ඛලීල් ගිබ්රාන් වැනි ලේඛ­ක­යන් සහ උසස් ජන­තා­වාදී සාහි­ත්‍යය රටට හඳුන්වා දුන් ඔබ.

• 1980 ජූලි මහ වැඩ වර්ජ­නය නිසා සිවු වස­රක් විරැ­කි­යා­වට ගොදුරු වූ නමුදු අනාථ වූ වර්ජ­ක­යන් රැක ගැනී­මට සිය සවිය යෙදවූ ඔබ,

• උදේ පාසලේ ද සවස ‘ඇත්ත’ කර්තෘ මණ්ඩ­ලයේ ද සේවය කර­මින් සිසු දරු­වන්ට මෙන්ම පාඨ­ක­යන්ට යුක්තිය, සත්‍යය වට­හා­දී­මට වෙහෙ­සුණු ඔබ,

• දක්ෂ නීති­වේ­දි­යකු වුවද මුදල් රැස් කිරීමේ අර­මු­ණෙන් තොරව, පීඩි­ත­යන් පීඩ­ක­ය­න්ගෙන් මුදා ගැනී­මට නීතිඥ වෘත්තිය කැප කළ, සොච්චම් ගුරු විශ්‍රාම වැටු­පෙන් පණ ගැට­ග­සා­ගත් ඔබ,

• සැබෑ සමාජ යථා­ර්ථය මතු කර­මින් යුක්ති­ස­හ­ගත සමා­ජ­යක් ගොඩ­නැ­ඟී­මට උත්තම ගණයේ ග්‍රන්ථ රාශි­යක් ජන­තා­වට පිදූ ඔබ දෑස නොපෙනී, සිරුර දුබ­ලවැ ගියද සමාජ අසා­ධා­ර­ණ­යට එරෙ­හිව, යුක්තිය පතා පණ පිරුණු සිය කට­හඬ ලොවට මුදා­හ­රිනු අද ද අපි යූටි­යුබ් මඟින් අසමු.

ඔබගේ දස දහස් සංඛ්‍යාත පාඨක ජන­තාව වෙනු­වෙන් ඔබට සුබ­ප­තමු. නිදුක් බව නීරෝගි බව, සුව­පත් බව ඔබ සම­ඟම වේවා!

දෙන­ගම සිරි­ව­ර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT