Home » අනුරපුර රෝහලේ වෛද්‍යවරියගේ සොරා ගත් දුරකතනය හමුවෙයි

අනුරපුර රෝහලේ වෛද්‍යවරියගේ සොරා ගත් දුරකතනය හමුවෙයි

by chanaka
March 17, 2025 4:50 pm 0 comment

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනයක් සිදුකළ සැකකරු විසින් කොල්ලකන ලද ‘අයි ෆෝන්’ වර්ගයේ ජංගම දුරකථනය සැකකරු සැඟව සිටි කැලෑවේ සඟවා තිබියදී සොයාගත් බව ගල්නෑව පොලිසිය පවසයි.

පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ගල්නෑව පොලිස් වසමේ නිදිකුම්භා යාය සහ මහමෙව්නා අසපුව අතර කැලෑ කොටසේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ජංගම දුරකථනය හමුවූ බව පොලිසිය සඳහන් කළේය.

මේ අතර අනුරාධපුර වෛද්‍යවරියකට ලිංගික හිංසනයක් සිදු කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු එළැඹෙන 24වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. සැකකරු අද (17) අනුරාධපුර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT