Home » හරක් කටාට CIDයෙන් පනින්න උදවු කළ PC කොළඹ මහාධිකරණය හමුවට

හරක් කටාට CIDයෙන් පනින්න උදවු කළ PC කොළඹ මහාධිකරණය හමුවට

by chanaka
March 17, 2025 4:14 pm 0 comment

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන රැගෙන එන ලද එම දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයාව, කොළඹ මහාධිකරණය හමුවට අද(17) ඉදිරිපත් කෙරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන එම සැකකරු අද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවට පමුණුවනු ලැබීය.

ඉන් අනතුරුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරු පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව අධි චෝදනා පත්‍ර භාරදීම සිදුකළේය.

එම අධි චෝදනා පවරා පවත්වාගෙන යාමට ඇති හැකියාව සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව නඩු විභාගය අප්‍රේල් මස 04වැනිදා පැවැත්වීමටද නියම කරනු ලැබීය.

මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා නඩු විභාගය සඳහා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ඔහුගේ නීතිඥවරු අද අධිකරණයට දැනුම් දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT