181
අද (17) අලුයම් කාලයේ මිදිගම පාතේගම ප්රදේශයේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුකර තිබේ.
වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.