Home » ඉඩ­ම්තොට ඝාත­නය ඩුබායි සමන් කොල්ලාගේ වැඩක්ලු

ඉඩ­ම්තොට ඝාත­නය ඩුබායි සමන් කොල්ලාගේ වැඩක්ලු

by damith
March 17, 2025 4:00 pm 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

අම්බ­ල­න්ගොඩ ඉඩ­ම්තොට ප්‍රදේ­ශයේ දී පසු­ගිය 14 වැනිදා පුද්ග­ල­ය­කුට වෙඩි තබා ඝාත­නය කිරීම සමන් කොල්ලා නමැති පාතා­ලයේ අප­රා­ධ­කරු ඩුබායි සිට මෙහෙ­යවා ඇති බවට පොලී­සිය සැක­ක­රයි.

සමන් කොල්ලා නමැති අප­රා­ධ­ක­රුගේ නි‍ෙව­සට ආස­න්නයේ පදිං­චි­ක­රු­වෙක් වන ඝාත­න­යට ලක්වූ පුද්ග­ල­යාට ජීවිත තර්ජ­න­යක් පවා තිබී ඇත.

ඒ ගැන පොලිස් බුද්ධි අංශ පවා වාර්තා කර තිබීම හේතු­වෙන් ඔහුට ගමෙන් පිටව යන ලෙස පොලී­සිය දැනුම්දී තිබී ඇත.

ඒ අනුව දින කිහි­ප­යක් ඔහු ගමෙන් පිටව ගොස් පැමිණ ඇත්තේ දින 04කට පමණ පෙර බවත් ඒ පැමිණ සිටි­යදී වෙඩි­ක්ක­රු­වන්ගේ ඉල­ක්කය බවට පත්ව ඇති බවත් පොලී­සිය සඳ­හන් කරයි.

මෙම පුද්ග­ලයා සමන් කොල්ලාගේ පාතා­ලයේ අප­රා­ධ­ව­ලට එරෙ­හිව පොලී­සි­යට තොර­තුරු ලබාදී තිබීම හේතු­වෙන් මෙසේ වෙඩි තබා ඝාත­නය කර ඇතැයි පැවසේ. එහෙත් පොලී­සිය පව­සන්නේ එවැනි තොර­තු­රක් ඔහු විසින් පොලී­සි­යට ලබාදී නැති බවය.

අම්බ­ල­න්තොට ඉඩ­ඩ­ම්කොට පදිං­චි­ක­රු­වෙක් වූ 45 හැවි­රිදි වියැති අයෙක් මෙසේ ඝාත­නය වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT