Home » පාසල් සිසු­ව­ාගේ මුදල් කොල්ලකෑ අයට ගල් ගසා මරලා

පාසල් සිසු­ව­ාගේ මුදල් කොල්ලකෑ අයට ගල් ගසා මරලා

by damith
March 17, 2025 4:04 pm 0 comment

බණ්ඩා­ර­ගම සමූහ - බිමල් ජය­සිංහ

පාසල් සිසු­ව­කුට පිහි­යක් පෙන්වා බිය ගන්වා මුදල් කොල්ලකෑ පුද්ග­ලයා පසු පස හඹා­ගිය පිරි­සක් එම පුද්ග­ල­යාට ගල්ව­ලින් පහර දීම හේතු­වෙන් මිය­ගොස් ඇතැයි කොහු­වල පොලී­සිය කියයි.

මිය­ගිය පුද්ග­ලයා කවු­රු­න්දැයි මෙතෙක් හඳු­නා­ගෙන නැතැයි ද පොලී­සිය පව­සයි.

කොහු­වල වුඩ්ලන්ඩ් මාවතේ පදිංචි ව්‍යාපා­රි­ක­යකු පොලී­සි­යට පැමිණ පැමි­ණි­ල්ලක් සිදු­ක­ර­මින් ඔහු නි‍ෙවසේ සිට නුගේ­ගොඩ දෙසට යාමට යතු­රු­පැ­දි­යෙන් මල්වත්ත පාර දිගේ පැමි­ණෙන අව­ස්ථා­වේදී පුද්ග­ල­යකු දුව­ගෙන පැමිණි බවත් ඔහු පිටු­පස තවත් කිහි­ප­දෙ­නෙකු පන්නා­ගෙන ආ බවත් එම පිරිස අතර කොහු­වල ප්‍රදේ­ශයේ පෑස්සුම් වැඩ­පො­ළක පුද්ග­ල­යකු ද සිටිය බව පැමි­ණිලි කර ඇත.

අදාළ පැමි­ණිල්ල අනුව ක්‍රියා­ත්මක වූ පොලිස් නිල­ධා­රින් නුගේ­ගොඩ නාල­න්දා­රාම පාරේ ඇවි­දින මං තීරුවේ වැටී සිටි පුද්ග­ලයා පරීක්ෂා කිරී­මේදී හිස පිටු­පස සහ වම්කන අසල කැපුම් තුවාල සහි­තව ලේ පෙර­මින් සිටි පුද්ග­ලයා කළු­බෝ­විල ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව මිය ගොස් ඇත.

අදාළ පැමි­ණිල්ල සම්බ­න්ධ­යෙන් සිදු­කළ මූලික විම­ර්ශ­න­ව­ලදී පාසල් සිසු­වා­ගෙන් මුදල් කොල්ලකෑ එම පුද්ග­ල­යාට තවත් පුද්ග­ල­යින් තිදෙ­නකු පසු­පස එළවා ගොස් ගල්ව­ලින් පහර දී ඇති බවට පොලී­සිය විසින් තොර­තුරු සොයා­ගෙන ඇතැයි උසස් පොලිස් නිල­ධා­රි­යකු පැව­සීය. අදාළ මර­ණය සම්බ­න්ධ­යෙන් ගල්කිස්ස මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත කරුණු වාර්තා කිරී­මට නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT