Tuesday, April 22, 2025
Home » කොස්තා­පල්ට පිහි­යෙන් ඇන පලා­ගිය වෙලේ සුදාගේ සහෝ­ද­රයා සොයා පොලිස් කණ්ඩා­යම් හත­රක්

කොස්තා­පල්ට පිහි­යෙන් ඇන පලා­ගිය වෙලේ සුදාගේ සහෝ­ද­රයා සොයා පොලිස් කණ්ඩා­යම් හත­රක්

by damith
March 17, 2025 4:03 pm 0 comment

බණ්ඩා­ර­ගම සමූහ - බිමල් ජය­සිංහ සහ දෙහි­වල සමූහ - ඩී. පී. හේරත්

ගල්කිස්ස බඩෝ­විට තුන්වන අදි­යර ප්‍ර‍දේශයේ මත්ද්‍රව්‍ය වැට­ලී­ම­කට ගිය පොලිස් කොස්තා­ප­ල්ව­ර­ය­කුට පිහි­යෙන් ඇන පලා­ගිය සමන්ත නොහොත් ‘වෙලේ සුදා“ගේ සහෝ­ද­රයා සොයා පොලිස් කණ්ඩා­යම් හත­රක් යොදවා ඇතැයි ගල්කිස්ස මූල­ස්ථාන පොලී­සිය කියයි.

ගල්කිස්ස පොලිස් ස්ථාන­යට අනු­යු­ක්තව බඩෝ­විට පොලිස් මුර­පොළේ රාජ­කාරී කරනු ලබන පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු මුර­පොළේ ස්ථානා­ධි­ප­ති­ව­රයා හා තවත් නිල­ධා­රීන් කීහිප දෙනෙකු සමඟ බඩෝ­විට 3 වන අදි­යරේ පෙරේදා (15) පස්වරු පහට පමණ වැට­ලීම් රාජ­කා­රියේ නිර­තව සිටි­යදී මෙම සිද්ධි­යට මුහුණ පා ඇතැයි පොලී­සිය පව­සයි.

මත්ද්‍රව්‍ය සන්ත­කයේ තබා­ගෙන සිටින බවට ලද තොර­තු­ර­කට අනුව කළ මෙම වැට­ලී­මේදී වෙළේ සුදාගේ සහෝ­ද­රයා අත්අ­ඩං­ගු­වට ගැනී­මට යාමේදී මෙම සිද්ධිය සිදුව ඇතැයි ද පොලී­සිය සඳ­හන් කරයි. සැක­කරු කොස්තා­ප­ල්ව­රයා සමඟ පොර බදා ඇති අතර එහිදී සැක­කරු සන්ත­කයේ තිබූ තියුණු ආයු­ධ­ය­කින් නිල­ධා­රි­යාගේ උද­රය හා වැළ­මිට ප්‍රදේ­ශ­යට තුවාල සිදු වී ඇතැයි ද පොලී­සිය පව­සයි.

සිද්ධි­යෙන් පසු සැක­කරු පලා­ගොස් ඇති අතර තුවාල ලැබූ නිල­ධා­රියා ප්‍රති­කාර සඳහා කළු­බෝ­විල රෝහ­ලට ඇතු­ළත් කර ඇත.

පලා ගිය සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා ගල්කිස්ස මූල­ස්ථාන පොලී­සි­යෙන් පොලිස් කණ්ඩා­යම් දෙකක් සහ ගල්කිස්ස කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශ­යෙන් පොලිස් කණ්ඩා­යම් දෙකක් බැගින් පොලිස් කණ්ඩා­යම් හත­රක් යොදවා ඇතැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී මංගල දෙහි­දෙ­නිය, පොලිස් අධි­කාරී රෝහන පුෂ්ප­කු­මාර මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත ගල්කිස්ස මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මංජුල තුෂාර, බඩෝ­විට පොලිස් මුර­පොළ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක ජය­රත්න රත්නා­යක යන නිල­ධා­රීහු පරී­ක්ෂණ පව­ත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT