Sunday, April 20, 2025
Home » හිටපු බස්නා­යක නිල­මේගේ නිවෙ­සෙන් පිස්තෝලය සොරා­ගත් සැක­කරු රිමාන්ඩ්

හිටපු බස්නා­යක නිල­මේගේ නිවෙ­සෙන් පිස්තෝලය සොරා­ගත් සැක­කරු රිමාන්ඩ්

by damith
March 17, 2025 4:04 pm 0 comment

කහ­වත්ත- ලසන්ත නිරෝ­ෂණ පෙරේරා

හිටපු බස්නා­යක නිල­මේ­ව­ර­යකු වන සමගි ජන බල­වේ­ගයේ සංවි­ධා­ය­ක­ව­ර­ය­කුගේ නිවෙ­සක් බිඳ භාණ්ඩ සොරා ගත්තේ යැයි පැමි­ණි­ල්ල­කට අනුව කහ­වත්ත ඇන්දාන පොලී­සිය සිදු කළ ව්මර්ශ­න­ය­කදි එම සොරා ගත් භාණ්ඩ අතර තිබූ ඔස්ට්‍රි­යාවේ නිෂ්පා­දිත ගිනි අවි­යක් සහ උණ්ඩ සමඟ සොර­ක­මට සම්බන්ධ සැක­කරු අත්අ­ඩං­ගු­ව­ට­ ගෙන පැල්ම­ඬුල්ල වැඩ බලන මහේ­ස්ත්‍රාත් හවුපේ එම්. ජය­සිරි මහතා හමු­වට ඉදි­රි­පත් කිරී­මෙන් පසු සැක­කරු ලබන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියෝග කළේය.

පෙරේදා 14 වැනිදා මෙම සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරනු ලැබීය.

මහ­නු­වර ප්‍රදේ­ශයේ දේවාල දෙකක බස්නා­යක නිල­මේ­ව­ර­යකු සහ සමගි ජන බල­වේ­ගයේ මහ­නු­වර දිස්ත්‍රික් සංවි­ධා­ය­ක­ව­ර­ය­කුට අයත් කහ­වත්ත ඇන්දාන ගොඩ­කු­ඹුර කීන­මු­ල්හේන වතු­යායේ වතු බංග­ලාව පසු­ගිය 08 වැනිදා බිඳ ඇතැයි එම වතු හිමියා ඇන්දාන පොලී­සි­යට පැමි­ණිළි කර තිබිණි. ජල මෝට­ර­යක් ඇතුඵ භාණ්ඩ කිහි­ප­යක් සොරා­ගෙන ගොස් ඇතැයි පැමි­ණිල්ලේ සඳ­හන් වූ බව පොලී­සිය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කළේය.

වතු බංග­ලා­වෙන් සොරා ගන්නා ලද භාණ්ඩ කිහි­ප­යක් වත්තේ පහළ කොට­සක සඟවා තිබි­යදී පොලී­සිය විසින් සොයා ගෙන තිබ්ණි. ආන්දාන පොලී­සියේ සැර­යන් (32051) මාධව මහ­තාගේ මෙ‍ෙහ­ය­වී­මෙන් වැඩි­දු­ර­ටත් පරී­ක්ෂණ කිරී­මේදී අල­කොළ ගාලක සැඟවී සිටි සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ප්‍රශ්න කිරී­මේදී සොරා ගත් භාණ්ඩ අතර තිඹු ගිනි අවි­යක්, බෝර 12 උණ්ඩ හයක් දුර­ද­ක්න­යක් ද පොලී­සිය විසින් සොයා ගත් බව පොලී­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

එම ගිනි අවිය හිටපු බස්නා­යක නිල­මේ­ව­ර­යාට අයත් දැයි සොයා පරී­ක්ෂණ සිදු කරන බවත් ඔහු­ගෙන් එක් ප්‍රකා­ශ­ක­යක් ලබා ගත් අතර තවත් ප්‍රකා­ශ­යක් ලබා ගන්නා බව පොලී­සිය පව­සයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT