19
නඩු භාණ්ඩයක් ලෙස කරන්දෙණිය පොලිස් ස්ථානයේ ගාල්කර තිබූ යතුරුපැදියක් සොරාගත් සැකකරුවන් දෙදෙනෙක් කරන්දෙණිය පොලීසියේ නිලධාරීන් විසින් පෙරේදා (15) අත්අඩංගුවට ගනු ලැබීය. මේ සොරකම පසුගිය 10 වැනිදා රාත්‍රී කාලයේදී සිදුකර ඇති බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය. මේ කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක් සහ 21ක් වයසැති කරන්දෙණිය, මොරගහකන්දේ පදිංචි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකි.