අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරයේදීම දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි සැකකරු මේ මස 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා පසුගිය (14 දා) නියෝග කළේය. එදිනට සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබීය.
විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්, මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.ජයවීර මහතාට තවදුරටත් නියෝග කෙරිණ.
මෙසේ රිමාන්ඩ් භාරයට පත් කළේ ගල්නෑව නව නගරයේ ඩී.3 ඇළ පාර පදිංචිකරුවකු වන නිලන්ත මදුරංග රත්නායක නමැති හිටපු සෙබළකු මෙන්ම හිටපු චීවරධාරියෙකි.
පොලීසිය හා විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ගල්නෑව නිදිකුම්භායාය ප්‍රදේශයේදීය. මේ අතර සැකකරුට නවාතැන් දෙමින් රැකවරණය ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුගේ වැඩිමල් සොහොයුරියද මේ මස 17 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
සැකකරු ගෙන ගිය වෛද්‍යවරියගේ ජංගම දුරකතනය සොයා ගැනීමට මෙතෙක් පොලිස් කණ්ඩායම්වලට හැකි වී නැත.
සැකකරු සොරා ගත් ජංගම දුරකතනය සොයා ගැනීමට පොලීසිය (13දා) සැකකරුගේ නිෙවස පරීක්ෂා කිරීමේදී පාත්තරයක සඟවා තිබූ ජීව අත්බෝම්බයක්, සිවුරක් සහ වටාපතක් සොයා ගැනීම සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මකය.
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිසානි සෙනෙවිරත්න මහත්මියගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද සහ සැරයන් රංජිත් මහත්වරු පෙනී සිටියහ. සැකකරු වෙනුවෙන් කිසිම නීතිඥයකු පෙනී සිටියේ නැත.