Home » Y වාරණ

Y වාරණ

by damith
March 17, 2025 4:05 pm 0 comment

බුද්ධි­මත් අය සෑම දෙය­කින්ම සහ සෑම කෙනෙ­කු­ගෙන්ම ඉගෙන ගනී. සාමාන්‍ය පුද්ග­ල­යින් ඔවුන්ගේ අත්දැ­කීම්වලින් ඉගෙන ගනී. මෝඩ මිනි­සුන්ට දැන­ට­මත් සිය­ලුම පිළි­තුරු තිබේ. – සොක්‍ර­ටීස්

****

ජීවි­තයේ රතු පෙත්ත

ජීවිතේ වටි­නම දේ සල්ලි කියලා තමයි ගොඩාක් දෙනෙක් හිතා­ගෙන ඉන්නේ. හැමෝම කිය­නවා එහෙම නෙවෙයි කියලා. හැබැයි හිත යටින් හිත­නවා සල්ලි තිබුණා නම් හැම දෙයක්ම ඒකට යටයි කියලා. ඔය facebook වගේ social networks වලින් ගොඩාක් වෙලා­වට අපිට අපි වටේට ඉන්න මිනිස්සු එළි­ද­රව් වෙනවා. Likes වලින් share වලින් comments වලින් පෙන්වන්නේ ගොඩාක් වෙලා­වට කෙනෙක්ගේ යටි හිත.

facebook share වෙලා තිබුණා මරු කතා­වක්. ඒක සමී­ක්ෂ­ණ­යක්. එකේ අහලා තිබුණේ රතු­පාට සහ නිල්පාට බෙහෙත් පෙති දෙකක් පෙන්නලා අහ­නවා, මේකෙන් නිල්පාට පෙත්ත බිව්වොත් ඔයාට රුපි­යල් කෝටි­යක් ලැබෙ­නවා , රතු පාට පෙත්ත බිව්වොත් ඔයාට අතී­ත­යට ගිහිං වැර­දුණ තැන් ටික හදා­ගන්න පුළු­වන් කියලා. එහෙ­නම් ඔයා තෝරා­ගන්නේ මොන පෙත්තද? කියලා අහලා තිබුණා. මේක බලපු ගොඩාක් දෙනෙක් “රතු පාට” පෙත්ත තෝරා­ගෙන තිබුණා.

දැං එහෙ­නම් සල්ලි­ව­ලින් කරන්න බැරි දෙයක් නෑ. සල්ලි තමයි දෙයි­යන්ගේ මල්ලි කියලා හිතා­ගෙන ඉන්න ලෝකෙක මෙත­නදි සල්ලි දෙවෙනි වෙනවා. ඒ කියන්නේ මිනිස්සු හරි කැම­තියි නිවැ­රදි වෙන්න. අතී­තයේ වැර­දුණ තැන් කොයි තරම් තියෙ­නවා ද ? ඒක අපිට එතන එහෙම වැර­දුණා කියලා වැට­හෙ­න්නෙත් ගොඩාක් වෙලා­වට අවු­රුදු ගාණක් ගියාට පස්සේ. හැබැයි එහෙම වැට­හෙ­න­කොට කෝච්චිය ගිහින් ඉව­රයි. එහෙම වුණාම තමයි අර රුපි­යල් කෝටිය පැත්ත­කට දාලා රතු පෙත්ත බීලා අතීත වැරදි ඔක්කොම ටික හදා­ගන්න හිතෙන්නේ.

මිනිස්සු අතින් නිත­රම වර­දි­නවා. වැරදි නැති කිසිම කෙනෙක් නෑ මේ ලෝකේ. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ වැරැ­ද්දක් වෙන­කොට ඒක වැරැ­ද්දක් කියලා නොතේ­රෙන එක. ඒක වැරැ­ද්දක් කියලා කාටත් දැනෙන්න ගන්නේ ඒක සිදු­වු­ණාට පස්සේ.

මෙත­නදි හරි සහ වැරැද්ද කියන එක පොදු සමා­ජය කියන විදි­හට තීර­ණය වෙන්නේ නෑ. ඒක හද­වත සහ සිතු­විලි එක්ක තියෙන ගනු­දෙ­නු­වක්.

මිනි­ස්සුන්ට තියෙ­නවා හෘදය සාක්ෂිය කියලා එකක්. නැත්තං යටි හිත කියලා එකක්. යටි හිතට එක­ඟව තමයි හැම දෙයක්ම වෙන්නේ. යටි හිතට එකඟ නැතිව, උඩු හිතින් විත­රක් හිතලා තීන්දු තීරණ ගනිද්දී අන්න අර කියල වැරැද්ද කියන තැනට වැටෙ­නවා. මේක පුද්ග­ල­යා­ගෙන් පුද්ග­ල­යාට වෙනස්.

කවුරු කොහොම කිව්වත් හැම කෙනෙක් ළඟම පසු­තැ­වි­ල්ලක් තියෙ­නවා. ඕනම කෙනෙක් පසු­තැ­වි­ල්ලෙන් තමයි ජීවත් වෙන්නේ. “මං පට්ට සතු­ටින් ඉන්නේ “ කිව්වට මොහො­තක හරි එකම එක තත්ත්ප­ර­යක හරි පසු­තැ­වි­ල්ලක් ජීවිතේ තියෙ­නවා. ඒ පසු­තැ­විල්ල නිසා තමයි අර රුපි­යල් කෝටි­යක් සල්ලි එපා කියලා “රතු පෙත්ත” බොන්න හදන්නේ. හෘද සාක්ෂි­යෙන් නිද­හස් වෙන්න. මේ ලෝකේ අපි ජීවත් වෙන්නේ සතු­ටින් නෙවෙයි. තියෙන්නේ සාපේ­ක්ෂව තියෙන මොහො­තක happiness එකක් විත­රයි. ඒ වෙනු­වෙන් කැප­කි­රීම් කරද්දී තමයි අපි අතින් හෘද සාක්ෂි­යට එහා ගිය ගොඩාක් දේවල් වෙන්නේ.

ඒ නිසා ආයේ පාරක් “රතු පෙත්ත” බොන්න ඕන වෙන්නේ නැති විදි­හට ජීවත් වෙන්න උත්සහ කරන එක තමයි කරන්න තියෙන එකම දේ.

අර­වින්ද ඉන්ද්‍ර­ජිත්


Work-Life balance

මීට අවු­රුදු දහ­ය­කට, පහ­ළ­ව­කට කලින් ගොඩාක් තරුණ තරු­ණි­යන් රැකියා කළේ නෑ. බොහොම සුළු පිරි­සක් රැකියා කළා. ඉහ­ළට ඉ‍ෙග­න­ගත්තා. තවත් පිරි­සක් පර­ම්ප­රා­වෙන් ලැබුණු ව්‍යාපාර කට­යුතු, ගොවි­තැන් කළා. තවත් පිරි­සක් නිකම්ම ගෙද­රට වෙලා හිටියා. ( ඒ පිරිසෙ ගෑනු ළමයි නම් කසාද බන්දල දෙන­කන් ගෙද­රින් දෙන දේ කාල වෙන දේ බලා­ගෙන හිටිය, පිරිමි ළම­යෙක් නම් කඩ­වල් ගානෙ බෝක්කු ගානෙ රස්ති­යාදු ගැහුව ). හැබැයි අද තත්වෙ වෙනස්, ගොඩාක් තරුණ තරු­ණියෝ රැකි­යා­වල යෙදෙ­නවා, තමන්ගෙ සුදු­සු­කම් අනුව සුළු හෝ රැකි­යා­වක් කර­නවා, ඇතැම් අය ප්‍රධාන Job එකට අම­ත­රව Part-time job එකක් හෝ කිහි­ප­ය­කුත් කර­නවා.

රැකි­යා­වක් කරන ගොඩාක් යං අයට ති‍ෙයන ගැට­ලු­වක් තමා මේ Work – Life balance එහෙ­මත් නැත්තම් රැකි­යාව සහ ජීවි­තය සම­බර කර­ගන්නෙ කොහො­මද කියන ගැට­ලුව. මේ Work – Life balance එක 100%ක් කරන්න බැරි­වු­ණත් අපට කරන්න පුළු­වන් උප­රි­මය කරන්න පුළු­ව­න්නම් එක ගොඩාක් වටි­නව. ආත­තිය, මාන­සික අස­හ­නය වගෙ තත්ත්ව­ව­ල­ටත්, දිය­වැ­ඩි­යාව, අධික රුධිර පීඩ­නය වගේ ගොඩාක් ලෙඩ රෝග තත්ත්ව­ව­ල­ටත්, ගැටුම් ආර­වුල්, දික්ක­සාද වගේ සමාජ ප්‍රශ්න ගොඩ­ක­ටත් මේ Work – Life balance එක බල­පා­නව කියලා පර්යේ­ෂණ මඟින් හොයා­ගෙන ති‍ෙය­නවා. හොඳම කාර­ණය තමයි මේ තත්ත්වය උග්‍ර වෙන්නත් සම­නය වෙන්නත් යන කාරණා දෙක­ටම හේතු­වක් වෙන්නෙ කසා­දය සහ දරු­වන් වීම. ඒ ව­ගේම,

• රැකි­යා­වේදී සහ පවුල් ජීවි­ත­යේදී ප්‍රධාන වශ­යෙන්ම අව­දා­නය යොමු­විය යුතු කාරණා සඳහා ප්‍රමු­ඛ­ත්වය දීම

• අන­වශ්‍ය සහ අත්‍ය­වශ්‍ය නොවන කාරණා ඉටු නොකි­රීම

• රැකි­යාවේ ස්වභා­වය, වග­කීම් යුතු­කම් සහ ආය­තන ප්‍රධා­නි­යාගේ ස්වභා­වය හොඳින් දැන සිටීම

• නිසි සන්නි­වේ­ද­නය

• තාක්ෂ­ණය භාවි­තය

• සමාව දීම සහ අතීත වැරදි ගැන නොතැ­වීම

• විනෝ­දය සහ සතුට වෙනු­වෙන් කාලය වෙන්කි­රීම

• ආග­මික කට­යු­තු­වල නිරත වීම

වැනි කරුණු නිසා මේ balance එක රැක ගැනී­මට හැකි­වෙන බව පර්යේ­ෂ­ක­යන් පව­ස­නවා.

මේ ගැන මට ලියන්න හිතුනෙ Work – Life balance එක බින්දු­වට බැහැපු මිතු­රෙක් තමන්ගෙ පශ්චාද් උපාධි නිබ­න්ධ­න­යට පාදක කර­ගන තියෙ­න්නෙත් Work – Life balance වීම නිසා.


නෙළන්නේ වැපිරූ දෙයම නොවේද?

ඉතින් අපි වපුල බිජු­වට අස්වනු විලස නෙළා ගන්නා ආකා­රය යහ­මින් දැකිය හැකියි. මැදි­රි­ගි­රියේ රසික ප්‍රච­ණ්ඩ­ත්වය අපේ අලුත්ම අස්වැ­න්නයි. සංගීත සංද­ර්ශ­න­යක් අත­ර­තුර කුපිත රසික සේනා මැර සේනා­වක්ව සංගීත භාණ්ඩ පවා කඩා බිඳ දමන අයුරු දකින අපි වියළි කලා­පීය අවට රසි­ක­ත්වය ගැන චෝදනා කරමු. එහෙත් සැබෑව එයද… වියළි කලා­පයේ රසි­ක­ත්වය මොට වූයේ නම් ඊට වග කිව යුතු එකී ජන­තා­වද…?

අපේ පාසල අපේ දරුවා කලා රස වින්ද­න­යෙන් දුරස් කර ආග­මික බැතිය උතුරා යන බැති­ම­තෙකු නිර්මා­ණය කර­න්නට වෙහෙ­සෙයි. පාසල් තුළ සාහිත්‍ය කලා වැඩ සට­හන් දුර්ලභ ය. ආග­මික වැඩ සට­හන් අප­මණ ය. අපි උත්සාහ දැරිය යුත්තේ බැති­ම­තෙකු නොව ගවේ­ෂ­ණ­ශීලි හා සෞම්‍ය කුළු­ණු­බර දරු පර­පු­රක් නිර්මා­ණය කර­න්නට නේද ? නව පර­පුරේ ප්‍රච­ණ්ඩ­ත්වය යනු­වෙන් අපේ තරුණ පර­පු­ර­ටම ඇගිල්ල දිගු කිරීම පහ­සුය.

පොදුවේ මුළු මහත් රට­මද පිළි­තුරු දිය යුතු ප්‍රශ්න රැසක් ඉති­රිව ඇති බව ද දක්වා සිටිමු.

පොදු ජන­තා­වගේ රස වින්ද­නය වර්ධ­නය කර­න්නට නිසි පිය­වර ගෙන තිබේද…? චිත්‍ර­පට ශාලා ප්‍රමා­ණය හා ප්‍රවා­හන පහ­සු­කම් පිළි­බ­දව තතු කෙසේද…?

කලාව මහ පොළො­වට කාන්දු කර­න්නට ගෙන තිබෙන සාධ­නීය පිය­වර මොන­වාද…?

වේදිකා නාට්‍ය­යක් රංග ශාලා­වක හා චිත්‍ර­ප­ට­යක් සිනමා ශාලා­වක කිසිදා නරඹා නැති කොත­රම් විශාල ප්‍රමා­ණ­යක් මේ රටේ වෙසෙ­න­වාද…?

ශාන්ති දිසා­නා­යක


දන්න කෙනෙක්

සම­හර සිද්ධි අපිව නොසෑ­හෙන්න පාර­නව තමයි. හැබැයි ඒක නිසා මිනිස්සු එක්ක තරහ වෙන්න එපා. හැබැයි අම­තක නොකර සිද්ධිය තේරුම් ගන්න. එහෙම දේවල් වෙනවා. හැබැයි අපි කරන්න ඒකෙන් මිනි­ස්සුන්ව තේරුම් ගන්නෙක. පාඩම මතක තියා­ගන්න, හැබැයි මිනිස්සු එක්ක හිනා­වෙන්න. සම­හර වෙලා­වක හිනා­වක් කිය­න්නෙත් නොසෑ­හෙන්න තරම් දඬු­ව­මක්‌.

ජීවිත කාලේ පුරා­වට අපිට දන්න හඳු­නන මිනිස්සු කොයි­ත­රම් හම්බ­වෙ­න­වද? සම­හරු.., දවස ගානේ හම්බ­වෙ­නවා. තවත් සම­හරු කාල­යක් ළඟින් ඉඳලා ඈත් වෙලා යනවා. හැබැයි අපිට ජීවි­තයේ වැඩි­යම දැනෙන්නේ එහෙම සිය දහස් ගණ­නක් දන්න හඳු­නන මිනි­ස්සුද? අතේ ඇඟිලි ගාණ­ටත් වඩා අඩු­වෙන් හමු වුණ අපිව තේරුම් ගත්ත මිනිස්සු ද ?

නොසෑ­හෙන්න තර­මට විශ්වාස කරපු දන්න හඳු­නන මිනි­ස්සුම තමයි නොසෑ­හෙන්න අපිව රිද්දුවේ.., එහෙම මිනිස්සු අතරේ හම්බ­වුණු එකම එක කෙනෙක් අපිව තේරුම් ගන්න ඇති.. රිදෙන රිදෙන හැම සැරේම වැටෙන වැටෙන හැම වෙලේම අද හැම­දේ­ටම කලින් අපි ළඟ ඉන්නේ එහෙම තේරුම් ගත්ත මිනිස්සු. මොන හේතු­ව­ක­ට­වත් එහෙම මිනිස්සු මඟ හැරෙන්න දෙන්න එපා. එහෙම කෙනෙක් ජීවි­තේට දෙපා­රක් හම්බ­වෙන්නේ නෑ.. නික­මට හිතලා බලන්න අපිත් තව කාගේ හරි ජීවි­ත­යක දන්න අඳු­රන කෙනෙක් විත­ර­යිද ?

තිළිණ ගාල්ලගේ


ඇය දැන් රටේ අය වෙලා ද?

මම අද කතා කරන්නේ ඇය කියන විශේෂ ම නාම­ප­දය ගැන. ඇය කිව්ව ම කිය­වෙන්නේ ස්ත්‍රී ලිංග ඒක­ව­ච­න­යක්. අම්මා, නංගී, සහෝ­ද­රිය හෝ භාර්යාව ඇය කියන සර්ව­නාම පදය ඇතුළෙ ඉන්න පුළු­වන්. ඒ කියන්නේ සමස්ත කාන්තා­වන් ම මෙහි ඉන්න පුළු­වන්.

කත, කාන්තාව, අඹ, යුව­තිය, කල්, ගැහැ­නිය වැනි වචන ගණ­නා­ව­කින් ඇය පිළි­බඳ අපට හඳු­න්වන්න පුළු­වන් . ලෝක කාන්තා දිනය තිබුණේ මාර්තු 8 වන සිකු­රාදා. ඊට සම­ගා­මීව තමයි ඇය ගැන කියන්න හිතුවේ.

මව, දිය­ණිය ආදි විවිධ භූමිකා නිරූ­ප­ණය කරන ඇය ලොවක් මැවී­මට කරන මෙහෙය අප­ම­ණයි.

ශ්‍රී ලංකාවේ ජන­ග­හ­න­යෙන් 52%ක් කාන්තා­වන් ය. ඇයට නිසි තැන ලැබී තියෙ­නවා ද යන්න පිළි­බඳ නිර­න්ත­ර­යෙන් කතා­බ­හට ලක් වෙනවා.

වෛදික යුගයේ කාන්තාව දේව­ත්ව­යට පත් වී ඉඳල තියෙ­නවා. ඊට සාක්ෂි ඕනෑ තරම් දක්වන්න පුළු­වන්. ඇය වන්ද­නීය, පූජ­නීය තත්ත්ව­යට පත් වී සිටීම ඉතා වැද­ගත් කාර­ණ­යක්.

එහෙත්, බ්‍රාහ්මණ යුගයේ එය අති­ශ­යින් ම වෙනස් වෙලා තියෙ­නවා. කාන්තා­වක දරුණු ලෙස ම අධ්‍යා­ප­නික, ආග­මික, දේශ­පා­ල­නික හා සමා­ජීය වශ­යෙන් අග­ති­යට පත් වුණේ ඒ යුගයේ. ඇයට සමා­ජයේ කිසිදු අයි­ති­වා­සි­ක­මක් නොති­බුණු අතර වහ­ලි­යක ලෙස ජීවත් වීමට සිදු වුණා.

බොහෝ විට ගැහැනු දරු­වකු ඉප­දු­ණොත් මරා දැමී­මට තරම් පිය­ව­රුන් සාහ­සික වුණා. මෙවන් තත්ත්ව­යක් තුළ නැවත ඇයට නිසි තත්ත්වය ලැබුණේ බුදු­ර­දු­න්ගෙන්. මවක ලෙස, උපා­සි­කා­වක ලෙස, බිරි­ඳක ලෙස, භික්ෂු­ණි­යක ලෙස ඇයට සමා­ජයේ ලබා­දිය හැකි සියලු ගෞර­වය උන්ව­හන්සේ ලබා දුන්නා. Òබුද්ධෝ විය මාතා Òනොඑසේ නම් Òගෙදර බුදුන් අම්මාÓ යැයි නම් කළා. බිරිඳ බට­හිර දිශා­වට සමාන කළා. අග්‍ර උපා­සි­කා­වක ලෙස විශාඛා වැන්න­වුන් ආග­මික ගෞර­ව­යට පාත්‍ර වුණා. පැවිදි වී නිර්වා­ණය ලැබී­මට තරම් ඔවුන් බුද්ධි­මත් වූයේ කාන්තා­වට ඇත්තේ දෑඟුල පඤ්ඤා යන දුර්ම­තය වෙනස් කර­මින්.

වර්ත­මා­නය වන විට ආයෙ­මත් කාන්තාව විවිධ අග­තීන්ට ලක් වන බව පෙනෙ­නවා. මෙරට ආදා­ය­මෙන් වැඩි දාය­ක­ත්ව­යක් ලබා දෙන්නේ ඇඟ­ලුම් ක්ෂේත්‍රයේ නිරත වන කාන්තා­වන්. ඒ වගේ ම විදේ­ශීය ගෘහ සේවයේ නියුක්ත වෙමින් අප රටට වැඩි ආදා­ය­මක් ගෙන ඒමට ඔවුන් කට­යුතු කර­නවා.

“වැඩ ඇරී

වැඩට යති

ගැහැනු”

යන ලක්ෂාන්ත අතු­කෝ­රාළ කවි­යෙන් කාන්තාව යනු මොන­ත­රම් කාර්ය­බ­හුල ද යන්න කියැවේ.

“තොටිල්ල පද­වන හස්තය ලොව ආණ්ඩු කරයි” යන කිය­ම­නෙන් ඇයගේ ප්‍රබල බව කියැ­වෙ­නවා. ලෝකයේ ප්‍රථම අග­මැ­ති­නිය වන සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නිය ශ්‍රී ලාංකි­ක­යෙක්.

“ලෝකය ජීව­මාන වන්නේ හිරු එළි­යෙන් හා මවු කිරෙන්”යන ප්‍රකා­ශ­යෙන් ඇයගේ උදා­ර­ත්වය තව තවත් පැහැ­දිලි වෙනවා.

ළඳුනේ යන ගීත­යෙන් ඇය ගැන වෙනම ම කිය­වී­මක් දකින්න පුළු­වන්.Ó ළැම පම­ණක් ලොවට පෙනෙන ළය නොපෙ­නෙන ළඳුනේÓ යන්න හොඳින් කියවා බැලිය යුත්තක්.

ගෙද­රක වාස­නාව නම් ඇයයි.

“ගමට කලින් හිරු මුළු­තැ­න්ගෙට වඩනා

ඒ මල් සුවඳේ අද නැණ මල් පොඩි පිපුණා” වශ­යෙන් ඇය නිවසේ ආලෝ­කය බව අඟ­ව­නවා.

ඉතින් කාන්තාව ගැන කෙසේ නම් ලියා අව­සන් කරන්න ද ? කාන්තාව කියන්නේ ම සුන්ද­ර­ත්වය.

ඉතින්, මේ කාන්තා­වගේ ශක්තිය අප්‍ර­මාණ ය. කාන්තා පිරිමි වශ­යෙන් බෙදී­මක් නොව ඇයට නිසි ගෞර­වය දැක්වීම සිදු­විය යුතුයි. ඇයට ගෞර­වය නිද­හස ලැබේ නම් මේ ලෝකය ඉතා සුන්දර වෙනවා.

කාන්තා­වක් නි‍ෙව­සක් තුළ පීඩ­න­යට ලක්වන ආකා­රය ඉතා ම දුක්බ­රයි. අප වගේ රට­වල ගෞර­වය ගැන හිතලා බොහෝ කාන්තා­වන් නිහඬ ව ඉන්නවා. මම හිතන්නේ කාන්තා­වන් පෙළීම තුළ ම රටේ දියු­ණුව පස්සට යනවා. ඔවුන්ට නිද­හසේ ජීවත් වෙන්න පුළු­වන් සමා­ජ­යක් ගොඩ­නැ­ගේ­නම් නිරා­යා­ස­යෙන් ම රටත් දියුණු වෙනවා. නැත්නම් කාන්තා දින ගැන පුරා­ජේරු ගහලා වැඩක් නෑ.

ඉස්සර පිරිමි රැකි­යා­වක් කළා. ගැහැනු අය ගෙද­රට වෙලා ගෙදර දොරේ කට­යුතු බල­මින් දරු මල්ලන් හදා ගනි­මින් ජීවත් වුණා. එහෙත් අද පවුල තුළ මෙන් ම රටේ ආදා­යම් උප­ය­න්නිය ඇය බවට පත්වෙලා. ඇය ප්‍රධාන ආදා­යම් උප­ය­න්නිය නම් ඇයගේ කායික මාන­සික නීරෝ­ගි­තාව පිළි­බ­ඳව සැල­කි­ලි­මත් වීම ඉතාම වටින දෙයක්. මොකද කුසට අහ­ර­ක්වත් නැතිව පවුල නඩත්තු කරන්න කාන්තා­වන් දරන මෙහෙය, උත්සා­හය ලෙහෙසි පහසු නැහැ. මේ පිළි­බ­ඳව සිතී­මට අපි හැමෝ­ටම කාලය උදා­වෙලා.

මනෝජ් ප්‍රසන්න අබේ­කෝන්

****

සංස්කරණය -රජිත බස්නායක

හිතට එන දේවල් හිතේම ලියල තියාගන්නේ නැතුව යෞවනයේ y වාරණ පිටුවට ලියල එක්වෙන්න කියල අපි ඔබට ආරාධනා කරනවා. මේ පිටුව යෞවනයට වුණත් අවුරුදු 16 ගතින් තරුණ පරම්පරාවටත් අවුරුදු 80වේ අදහස්වලින් පිරුණු තරුණ පරම්පරාවටත් මේ පිටුව විවෘතයි. ඉතින් ඔබේ ලිපි, නිර්මාණ පහත ලිපිනයට යොමු කරන්න.

ලිපිනය – අංක 35, ඩී.ආර්. විජයවර්ධන මාවත, ලේක්හවුස්, කොළඹ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT