බුද්ධිමත් අය සෑම දෙයකින්ම සහ සෑම කෙනෙකුගෙන්ම ඉගෙන ගනී. සාමාන්‍ය පුද්ගලයින් ඔවුන්ගේ අත්දැකීම්වලින් ඉගෙන ගනී. මෝඩ මිනිසුන්ට දැනටමත් සියලුම පිළිතුරු තිබේ. – සොක්රටීස්
****
ජීවිතයේ රතු පෙත්ත
ජීවිතේ වටිනම දේ සල්ලි කියලා තමයි ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ. හැමෝම කියනවා එහෙම නෙවෙයි කියලා. හැබැයි හිත යටින් හිතනවා සල්ලි තිබුණා නම් හැම දෙයක්ම ඒකට යටයි කියලා. ඔය facebook වගේ social networks වලින් ගොඩාක් වෙලාවට අපිට අපි වටේට ඉන්න මිනිස්සු එළිදරව් වෙනවා. Likes වලින් share වලින් comments වලින් පෙන්වන්නේ ගොඩාක් වෙලාවට කෙනෙක්ගේ යටි හිත.
facebook share වෙලා තිබුණා මරු කතාවක්. ඒක සමීක්ෂණයක්. එකේ අහලා තිබුණේ රතුපාට සහ නිල්පාට බෙහෙත් පෙති දෙකක් පෙන්නලා අහනවා, මේකෙන් නිල්පාට පෙත්ත බිව්වොත් ඔයාට රුපියල් කෝටියක් ලැබෙනවා , රතු පාට පෙත්ත බිව්වොත් ඔයාට අතීතයට ගිහිං වැරදුණ තැන් ටික හදාගන්න පුළුවන් කියලා. එහෙනම් ඔයා තෝරාගන්නේ මොන පෙත්තද? කියලා අහලා තිබුණා. මේක බලපු ගොඩාක් දෙනෙක් “රතු පාට” පෙත්ත තෝරාගෙන තිබුණා.
දැං එහෙනම් සල්ලිවලින් කරන්න බැරි දෙයක් නෑ. සල්ලි තමයි දෙයියන්ගේ මල්ලි කියලා හිතාගෙන ඉන්න ලෝකෙක මෙතනදි සල්ලි දෙවෙනි වෙනවා. ඒ කියන්නේ මිනිස්සු හරි කැමතියි නිවැරදි වෙන්න. අතීතයේ වැරදුණ තැන් කොයි තරම් තියෙනවා ද ? ඒක අපිට එතන එහෙම වැරදුණා කියලා වැටහෙන්නෙත් ගොඩාක් වෙලාවට අවුරුදු ගාණක් ගියාට පස්සේ. හැබැයි එහෙම වැටහෙනකොට කෝච්චිය ගිහින් ඉවරයි. එහෙම වුණාම තමයි අර රුපියල් කෝටිය පැත්තකට දාලා රතු පෙත්ත බීලා අතීත වැරදි ඔක්කොම ටික හදාගන්න හිතෙන්නේ.
මිනිස්සු අතින් නිතරම වරදිනවා. වැරදි නැති කිසිම කෙනෙක් නෑ මේ ලෝකේ. හැබැයි ප්රශ්නය තියෙන්නේ වැරැද්දක් වෙනකොට ඒක වැරැද්දක් කියලා නොතේරෙන එක. ඒක වැරැද්දක් කියලා කාටත් දැනෙන්න ගන්නේ ඒක සිදුවුණාට පස්සේ.
මෙතනදි හරි සහ වැරැද්ද කියන එක පොදු සමාජය කියන විදිහට තීරණය වෙන්නේ නෑ. ඒක හදවත සහ සිතුවිලි එක්ක තියෙන ගනුදෙනුවක්.
මිනිස්සුන්ට තියෙනවා හෘදය සාක්ෂිය කියලා එකක්. නැත්තං යටි හිත කියලා එකක්. යටි හිතට එකඟව තමයි හැම දෙයක්ම වෙන්නේ. යටි හිතට එකඟ නැතිව, උඩු හිතින් විතරක් හිතලා තීන්දු තීරණ ගනිද්දී අන්න අර කියල වැරැද්ද කියන තැනට වැටෙනවා. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්.
කවුරු කොහොම කිව්වත් හැම කෙනෙක් ළඟම පසුතැවිල්ලක් තියෙනවා. ඕනම කෙනෙක් පසුතැවිල්ලෙන් තමයි ජීවත් වෙන්නේ. “මං පට්ට සතුටින් ඉන්නේ “ කිව්වට මොහොතක හරි එකම එක තත්ත්පරයක හරි පසුතැවිල්ලක් ජීවිතේ තියෙනවා. ඒ පසුතැවිල්ල නිසා තමයි අර රුපියල් කෝටියක් සල්ලි එපා කියලා “රතු පෙත්ත” බොන්න හදන්නේ. හෘද සාක්ෂියෙන් නිදහස් වෙන්න. මේ ලෝකේ අපි ජීවත් වෙන්නේ සතුටින් නෙවෙයි. තියෙන්නේ සාපේක්ෂව තියෙන මොහොතක happiness එකක් විතරයි. ඒ වෙනුවෙන් කැපකිරීම් කරද්දී තමයි අපි අතින් හෘද සාක්ෂියට එහා ගිය ගොඩාක් දේවල් වෙන්නේ.
ඒ නිසා ආයේ පාරක් “රතු පෙත්ත” බොන්න ඕන වෙන්නේ නැති විදිහට ජීවත් වෙන්න උත්සහ කරන එක තමයි කරන්න තියෙන එකම දේ.
අරවින්ද ඉන්ද්‍රජිත්
Work-Life balance
මීට අවුරුදු දහයකට, පහළවකට කලින් ගොඩාක් තරුණ තරුණියන් රැකියා කළේ නෑ. බොහොම සුළු පිරිසක් රැකියා කළා. ඉහළට ඉෙගනගත්තා. තවත් පිරිසක් පරම්පරාවෙන් ලැබුණු ව්‍යාපාර කටයුතු, ගොවිතැන් කළා. තවත් පිරිසක් නිකම්ම ගෙදරට වෙලා හිටියා. ( ඒ පිරිසෙ ගෑනු ළමයි නම් කසාද බන්දල දෙනකන් ගෙදරින් දෙන දේ කාල වෙන දේ බලාගෙන හිටිය, පිරිමි ළමයෙක් නම් කඩවල් ගානෙ බෝක්කු ගානෙ රස්තියාදු ගැහුව ). හැබැයි අද තත්වෙ වෙනස්, ගොඩාක් තරුණ තරුණියෝ රැකියාවල යෙදෙනවා, තමන්ගෙ සුදුසුකම් අනුව සුළු හෝ රැකියාවක් කරනවා, ඇතැම් අය ප්‍රධාන Job එකට අමතරව Part-time job එකක් හෝ කිහිපයකුත් කරනවා.
රැකියාවක් කරන ගොඩාක් යං අයට තිෙයන ගැටලුවක් තමා මේ Work – Life balance එහෙමත් නැත්තම් රැකියාව සහ ජීවිතය සමබර කරගන්නෙ කොහොමද කියන ගැටලුව. මේ Work – Life balance එක 100%ක් කරන්න බැරිවුණත් අපට කරන්න පුළුවන් උපරිමය කරන්න පුළුවන්නම් එක ගොඩාක් වටිනව. ආතතිය, මානසික අසහනය වගෙ තත්ත්වවලටත්, දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ ගොඩාක් ලෙඩ රෝග තත්ත්වවලටත්, ගැටුම් ආරවුල්, දික්කසාද වගේ සමාජ ප්‍රශ්න ගොඩකටත් මේ Work – Life balance එක බලපානව කියලා පර්යේෂණ මඟින් හොයාගෙන තිෙයනවා. හොඳම කාරණය තමයි මේ තත්ත්වය උග්‍ර වෙන්නත් සමනය වෙන්නත් යන කාරණා දෙකටම හේතුවක් වෙන්නෙ කසාදය සහ දරුවන් වීම. ඒ වගේම,
• රැකියාවේදී සහ පවුල් ජීවිතයේදී ප්‍රධාන වශයෙන්ම අවදානය යොමුවිය යුතු කාරණා සඳහා ප්‍රමුඛත්වය දීම
• අනවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන කාරණා ඉටු නොකිරීම
• රැකියාවේ ස්වභාවය, වගකීම් යුතුකම් සහ ආයතන ප්‍රධානියාගේ ස්වභාවය හොඳින් දැන සිටීම
• නිසි සන්නිවේදනය
• තාක්ෂණය භාවිතය
• සමාව දීම සහ අතීත වැරදි ගැන නොතැවීම
• විනෝදය සහ සතුට වෙනුවෙන් කාලය වෙන්කිරීම
• ආගමික කටයුතුවල නිරත වීම
වැනි කරුණු නිසා මේ balance එක රැක ගැනීමට හැකිවෙන බව පර්යේෂකයන් පවසනවා.
මේ ගැන මට ලියන්න හිතුනෙ Work – Life balance එක බින්දුවට බැහැපු මිතුරෙක් තමන්ගෙ පශ්චාද් උපාධි නිබන්ධනයට පාදක කරගන තියෙන්නෙත් Work – Life balance වීම නිසා.
නෙළන්නේ වැපිරූ දෙයම නොවේද?
ඉතින් අපි වපුල බිජුවට අස්වනු විලස නෙළා ගන්නා ආකාරය යහමින් දැකිය හැකියි. මැදිරිගිරියේ රසික ප්රචණ්ඩත්වය අපේ අලුත්ම අස්වැන්නයි. සංගීත සංදර්ශනයක් අතරතුර කුපිත රසික සේනා මැර සේනාවක්ව සංගීත භාණ්ඩ පවා කඩා බිඳ දමන අයුරු දකින අපි වියළි කලාපීය අවට රසිකත්වය ගැන චෝදනා කරමු. එහෙත් සැබෑව එයද… වියළි කලාපයේ රසිකත්වය මොට වූයේ නම් ඊට වග කිව යුතු එකී ජනතාවද…?
අපේ පාසල අපේ දරුවා කලා රස වින්දනයෙන් දුරස් කර ආගමික බැතිය උතුරා යන බැතිමතෙකු නිර්මාණය කරන්නට වෙහෙසෙයි. පාසල් තුළ සාහිත්‍ය කලා වැඩ සටහන් දුර්ලභ ය. ආගමික වැඩ සටහන් අපමණ ය. අපි උත්සාහ දැරිය යුත්තේ බැතිමතෙකු නොව ගවේෂණශීලි හා සෞම්‍ය කුළුණුබර දරු පරපුරක් නිර්මාණය කරන්නට නේද ? නව පරපුරේ ප්රචණ්ඩත්වය යනුවෙන් අපේ තරුණ පරපුරටම ඇගිල්ල දිගු කිරීම පහසුය.
පොදුවේ මුළු මහත් රටමද පිළිතුරු දිය යුතු ප්‍රශ්න රැසක් ඉතිරිව ඇති බව ද දක්වා සිටිමු.
පොදු ජනතාවගේ රස වින්දනය වර්ධනය කරන්නට නිසි පියවර ගෙන තිබේද…? චිත්‍රපට ශාලා ප්‍රමාණය හා ප්‍රවාහන පහසුකම් පිළිබදව තතු කෙසේද…?
කලාව මහ පොළොවට කාන්දු කරන්නට ගෙන තිබෙන සාධනීය පියවර මොනවාද…?
වේදිකා නාට්‍යයක් රංග ශාලාවක හා චිත්‍රපටයක් සිනමා ශාලාවක කිසිදා නරඹා නැති කොතරම් විශාල ප්‍රමාණයක් මේ රටේ වෙසෙනවාද…?
ශාන්ති දිසානායක
දන්න කෙනෙක්
සමහර සිද්ධි අපිව නොසෑහෙන්න පාරනව තමයි. හැබැයි ඒක නිසා මිනිස්සු එක්ක තරහ වෙන්න එපා. හැබැයි අමතක නොකර සිද්ධිය තේරුම් ගන්න. එහෙම දේවල් වෙනවා. හැබැයි අපි කරන්න ඒකෙන් මිනිස්සුන්ව තේරුම් ගන්නෙක. පාඩම මතක තියාගන්න, හැබැයි මිනිස්සු එක්ක හිනාවෙන්න. සමහර වෙලාවක හිනාවක් කියන්නෙත් නොසෑහෙන්න තරම් දඬුවමක්.
ජීවිත කාලේ පුරාවට අපිට දන්න හඳුනන මිනිස්සු කොයිතරම් හම්බවෙනවද? සමහරු.., දවස ගානේ හම්බවෙනවා. තවත් සමහරු කාලයක් ළඟින් ඉඳලා ඈත් වෙලා යනවා. හැබැයි අපිට ජීවිතයේ වැඩියම දැනෙන්නේ එහෙම සිය දහස් ගණනක් දන්න හඳුනන මිනිස්සුද? අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුවෙන් හමු වුණ අපිව තේරුම් ගත්ත මිනිස්සු ද ?
නොසෑහෙන්න තරමට විශ්වාස කරපු දන්න හඳුනන මිනිස්සුම තමයි නොසෑහෙන්න අපිව රිද්දුවේ.., එහෙම මිනිස්සු අතරේ හම්බවුණු එකම එක කෙනෙක් අපිව තේරුම් ගන්න ඇති.. රිදෙන රිදෙන හැම සැරේම වැටෙන වැටෙන හැම වෙලේම අද හැමදේටම කලින් අපි ළඟ ඉන්නේ එහෙම තේරුම් ගත්ත මිනිස්සු. මොන හේතුවකටවත් එහෙම මිනිස්සු මඟ හැරෙන්න දෙන්න එපා. එහෙම කෙනෙක් ජීවිතේට දෙපාරක් හම්බවෙන්නේ නෑ.. නිකමට හිතලා බලන්න අපිත් තව කාගේ හරි ජීවිතයක දන්න අඳුරන කෙනෙක් විතරයිද ?
තිළිණ ගාල්ලගේ
ඇය දැන් රටේ අය වෙලා ද?
මම අද කතා කරන්නේ ඇය කියන විශේෂ ම නාමපදය ගැන. ඇය කිව්ව ම කියවෙන්නේ ස්ත්‍රී ලිංග ඒකවචනයක්. අම්මා, නංගී, සහෝදරිය හෝ භාර්යාව ඇය කියන සර්වනාම පදය ඇතුළෙ ඉන්න පුළුවන්. ඒ කියන්නේ සමස්ත කාන්තාවන් ම මෙහි ඉන්න පුළුවන්.
කත, කාන්තාව, අඹ, යුවතිය, කල්, ගැහැනිය වැනි වචන ගණනාවකින් ඇය පිළිබඳ අපට හඳුන්වන්න පුළුවන් . ලෝක කාන්තා දිනය තිබුණේ මාර්තු 8 වන සිකුරාදා. ඊට සමගාමීව තමයි ඇය ගැන කියන්න හිතුවේ.
මව, දියණිය ආදි විවිධ භූමිකා නිරූපණය කරන ඇය ලොවක් මැවීමට කරන මෙහෙය අපමණයි.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන් ය. ඇයට නිසි තැන ලැබී තියෙනවා ද යන්න පිළිබඳ නිරන්තරයෙන් කතාබහට ලක් වෙනවා.
වෛදික යුගයේ කාන්තාව දේවත්වයට පත් වී ඉඳල තියෙනවා. ඊට සාක්ෂි ඕනෑ තරම් දක්වන්න පුළුවන්. ඇය වන්දනීය, පූජනීය තත්ත්වයට පත් වී සිටීම ඉතා වැදගත් කාරණයක්.
එහෙත්, බ්‍රාහ්මණ යුගයේ එය අතිශයින් ම වෙනස් වෙලා තියෙනවා. කාන්තාවක දරුණු ලෙස ම අධ්‍යාපනික, ආගමික, දේශපාලනික හා සමාජීය වශයෙන් අගතියට පත් වුණේ ඒ යුගයේ. ඇයට සමාජයේ කිසිදු අයිතිවාසිකමක් නොතිබුණු අතර වහලියක ලෙස ජීවත් වීමට සිදු වුණා.
බොහෝ විට ගැහැනු දරුවකු ඉපදුණොත් මරා දැමීමට තරම් පියවරුන් සාහසික වුණා. මෙවන් තත්ත්වයක් තුළ නැවත ඇයට නිසි තත්ත්වය ලැබුණේ බුදුරදුන්ගෙන්. මවක ලෙස, උපාසිකාවක ලෙස, බිරිඳක ලෙස, භික්ෂුණියක ලෙස ඇයට සමාජයේ ලබාදිය හැකි සියලු ගෞරවය උන්වහන්සේ ලබා දුන්නා. Òබුද්ධෝ විය මාතා Òනොඑසේ නම් Òගෙදර බුදුන් අම්මාÓ යැයි නම් කළා. බිරිඳ බටහිර දිශාවට සමාන කළා. අග්‍ර උපාසිකාවක ලෙස විශාඛා වැන්නවුන් ආගමික ගෞරවයට පාත්‍ර වුණා. පැවිදි වී නිර්වාණය ලැබීමට තරම් ඔවුන් බුද්ධිමත් වූයේ කාන්තාවට ඇත්තේ දෑඟුල පඤ්ඤා යන දුර්මතය වෙනස් කරමින්.
වර්තමානය වන විට ආයෙමත් කාන්තාව විවිධ අගතීන්ට ලක් වන බව පෙනෙනවා. මෙරට ආදායමෙන් වැඩි දායකත්වයක් ලබා දෙන්නේ ඇඟලුම් ක්ෂේත්රයේ නිරත වන කාන්තාවන්. ඒ වගේ ම විදේශීය ගෘහ සේවයේ නියුක්ත වෙමින් අප රටට වැඩි ආදායමක් ගෙන ඒමට ඔවුන් කටයුතු කරනවා.
“වැඩ ඇරී
වැඩට යති
ගැහැනු”
යන ලක්ෂාන්ත අතුකෝරාළ කවියෙන් කාන්තාව යනු මොනතරම් කාර්යබහුල ද යන්න කියැවේ.
“තොටිල්ල පදවන හස්තය ලොව ආණ්ඩු කරයි” යන කියමනෙන් ඇයගේ ප්‍රබල බව කියැවෙනවා. ලෝකයේ ප්‍රථම අගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලාංකිකයෙක්.
“ලෝකය ජීවමාන වන්නේ හිරු එළියෙන් හා මවු කිරෙන්”යන ප්‍රකාශයෙන් ඇයගේ උදාරත්වය තව තවත් පැහැදිලි වෙනවා.
ළඳුනේ යන ගීතයෙන් ඇය ගැන වෙනම ම කියවීමක් දකින්න පුළුවන්.Ó ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේÓ යන්න හොඳින් කියවා බැලිය යුත්තක්.
ගෙදරක වාසනාව නම් ඇයයි.
“ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ මල් සුවඳේ අද නැණ මල් පොඩි පිපුණා” වශයෙන් ඇය නිවසේ ආලෝකය බව අඟවනවා.
ඉතින් කාන්තාව ගැන කෙසේ නම් ලියා අවසන් කරන්න ද ? කාන්තාව කියන්නේ ම සුන්දරත්වය.
ඉතින්, මේ කාන්තාවගේ ශක්තිය අප්‍රමාණ ය. කාන්තා පිරිමි වශයෙන් බෙදීමක් නොව ඇයට නිසි ගෞරවය දැක්වීම සිදුවිය යුතුයි. ඇයට ගෞරවය නිදහස ලැබේ නම් මේ ලෝකය ඉතා සුන්දර වෙනවා.
කාන්තාවක් නිෙවසක් තුළ පීඩනයට ලක්වන ආකාරය ඉතා ම දුක්බරයි. අප වගේ රටවල ගෞරවය ගැන හිතලා බොහෝ කාන්තාවන් නිහඬ ව ඉන්නවා. මම හිතන්නේ කාන්තාවන් පෙළීම තුළ ම රටේ දියුණුව පස්සට යනවා. ඔවුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ගොඩනැගේනම් නිරායාසයෙන් ම රටත් දියුණු වෙනවා. නැත්නම් කාන්තා දින ගැන පුරාජේරු ගහලා වැඩක් නෑ.
ඉස්සර පිරිමි රැකියාවක් කළා. ගැහැනු අය ගෙදරට වෙලා ගෙදර දොරේ කටයුතු බලමින් දරු මල්ලන් හදා ගනිමින් ජීවත් වුණා. එහෙත් අද පවුල තුළ මෙන් ම රටේ ආදායම් උපයන්නිය ඇය බවට පත්වෙලා. ඇය ප්‍රධාන ආදායම් උපයන්නිය නම් ඇයගේ කායික මානසික නීරෝගිතාව පිළිබඳව සැලකිලිමත් වීම ඉතාම වටින දෙයක්. මොකද කුසට අහරක්වත් නැතිව පවුල නඩත්තු කරන්න කාන්තාවන් දරන මෙහෙය, උත්සාහය ලෙහෙසි පහසු නැහැ. මේ පිළිබඳව සිතීමට අපි හැමෝටම කාලය උදාවෙලා.
මනෝජ් ප්‍රසන්න අබේකෝන්
****
සංස්කරණය -රජිත බස්නායක
හිතට එන දේවල් හිතේම ලියල තියාගන්නේ නැතුව යෞවනයේ y වාරණ පිටුවට ලියල එක්වෙන්න කියල අපි ඔබට ආරාධනා කරනවා. මේ පිටුව යෞවනයට වුණත් අවුරුදු 16 ගතින් තරුණ පරම්පරාවටත් අවුරුදු 80වේ අදහස්වලින් පිරුණු තරුණ පරම්පරාවටත් මේ පිටුව විවෘතයි. ඉතින් ඔබේ ලිපි, නිර්මාණ පහත ලිපිනයට යොමු කරන්න.
ලිපිනය – අංක 35, ඩී.ආර්. විජයවර්ධන මාවත, ලේක්හවුස්, කොළඹ.