Home » අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණය අනි­වාර්ය අංග­යක්

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණය අනි­වාර්ය අංග­යක්

by damith
March 17, 2025 4:10 pm 0 comment

උදිත ගුණ­ව­ර්ධන

මෙරට අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීම පිළි­බ­ඳව නව රජයේ අව­ධා­නය යොමුව තිබේ. එයට හේතුව බවට පත්ව තිබෙන්නේ දශක ගණ­නා­ව­කිනි. මෙරට අධ්‍යා­පන ක්‍රමයේ ප්‍රති­සං­ස්ක­ර­ණ­යක්, ප්‍රති­සං­වි­ධා­න­යක් නිසි ලෙස සිදු නොවී­මය. දැන් එම නව ප්‍රති­සං­ස්ක­රණ පිළි­බ­ඳව රජයේ අව­ධා­නය මතුව ඇත. මෙම ප්‍රති­සං­ස්ක­රණ කෙසේ සකස් විය යුතුද ඒවාට ඇතු­ළත් විය යුතු අංග මොන­වාද යන්න පිළි­බ­ඳව අධ්‍යා­පන විෂය පිළි­බඳ ජ්‍යෙෂ්ඨ­යකු මෙන්ම විෂය ප්‍රවී­ණ­යකු වන ආචාර්ය උපාලි එම්. සේදර මහතා දැක්වූ අද­හස් ඇසු­රෙන් මෙම ලිපිය සැක­සුණි.

ආචාර්යඋපාලි එම්. සේදර

ආචාර්ය
උපාලි එම්. සේදර

මෙරට අධ්‍යා­පන ක්‍රමය වසර ගණ­නා­වක සිට පැවැ­තියේ එකම තැන­කය. එය ප්‍රති­සං­ස්ක­ර­ණය විය යුතු බවට කලින් කලට අද­හස් උද­හස් මතුව පැමි­ණි­යද එය බොහෝ කාල­යක සිට පැවැ­තියේ එකම තැන­කය. අධ්‍යා­පන අංශය පූර්ණ ලෙස ප්‍රති­සං­ස්ක­ර­ණය කළ යුතු බවට අද­හ­සක් මතුව පැමිණි අතර එදා එම වැඩ­පි­ළි­වෙළ සැල­සුම් කිරීම තුළ මූලික කාර්ය භාර­යක් මා ද ඉටු කළෙමි. මාගේ අද­හස බවට පත්ව තිබෙන්නේ වර්ත­මා­න­යට ගැළ­පෙන ලෙස මෙරට අධ්‍යා­පන ක්‍රමය ප්‍රති­සං­ස්ක­ර­ණය විය යුතුය යන්නය. එසේ ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීම අනි­වාර්ය අංග­යක් ලෙස අප විශ්වාස කරමු. දැන් කළ යුතුව තිබෙන්නේ කාල­යක් මඟ හැරී­ගොස් තිබූ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ වැඩ­ස­ට­හන් ආරම්භ කිරී­මට රජය ගෙන ඇති වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කර තිබීම සතු­ටට කරු­ණකි. එහෙත් එම වැඩ­පි­ළි­වෙළ නිසි ලෙස සහ ක්‍රමා­නු­කූ­ලව ඉටු කළ යුතුය යන්න අපගේ විශ්වා­ස­යයි. පසු­ගිය කාල­යේදී අප විසින් අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණය පිළි­බඳ යෝජනා රැසක් ඉදි­රි­පත් කළ හැකි අතර එම යෝජනා සහ රජයේ යෝජනා එකට ගෙන වඩාත් හොඳ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ වැඩ­පි­ළි­වෙ­ළක් වෙත යොමු­වී­මට හැකි­යාව ලැබෙනු නිය­තය. අපට අවශ්‍ය කරන්නේ අනා­ගත ශ්‍රී ලංකාව වඩාත් හොඳ අධ්‍යා­පන ප්‍රති­ප­ත්ති­යක් ඇති සහ දියුණු පාසල් පද්ධ­ති­යක් වෙත ගමන් කළ හැකි වැඩ­පි­ළි­වෙ­ළකි. ඒ පිළි­බ­ඳව ආණ්ඩුව යම් වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කර තිබීම පිළි­බ­ඳව ඔවුන් වෙත සතුට පළ කළ යුතුය.

ප්‍රති­සං­ස්ක­රණ වැඩ­පි­ළි­වෙළ

මෙම අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ වැඩ­ස­ට­හන එක්වර ඉටු කළ යුතු දෙයක් වෙනු­වට අංශ තුනක් ඔස්සේ මෙම ප්‍රති­සං­ස්ක­රණ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරීම වඩාත් උචිත දෙයක් ලෙස සඳ­හන් කළ යුතුය. අද වන විට පාසල් පද්ධ­තිය තුළ ප්‍රබල ලෙස වර්ගී­ක­රණ බෙදුම් රේඛා­වක් තිබේ. මූලි­ක­වම එම බෙදීම අවම කිරීම වෙනු­වෙන් වැඩ කළ යුතුව තිබේ. අප රට වැනි දස­ද­හ­සක පාසල් පද්ධ­ති­යක් ඇති රටක නොව බංග්ලා­දේ­ශය වැනි අප රට මෙන් කිහිප ගුණ­යක පාසල් ප්‍රමා­ණ­යක් ඇති රටක පවා පාසල් පද්ධ­තිය සහ අධ්‍යා­ප­නය ප්‍රති­සං­ස්ක­ර­ණය කළ ආකා­රය සලකා බැලිය යුතුය. අපද එම කාර්ය භාරය සඳහා වෘත්තීය ලෙස මැද­හත්ව කට­යුතු කිරී­මට හැකි­යාව ලැබුණු අතර ඒ නිසා­වෙන්ම අපට ඒ පිළි­බ­ඳව අත්දැ­කීම් ප්‍රමා­ණ­යක් ද ලැබී තිබේ.

පහළ තිබෙන පාසල් ඉහ­ළ­ටම ගෙන ඒමට අවශ්‍ය වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කිරීම මඟින් පාසල් වෙත තිබෙන අන­ව­රත තර­ගය අව­සා­න­වන අතර එහි ප්‍රති­ඵ­ලය බවට පත්වන්නේ තර­ග­කාරී පාසල් අධ්‍යා­පන ක්‍රමය වෙනස් වීමය. බංග්ලා­දේ­ශය වැනි රටක ප්‍රාථ­මික පාසල් පම­ණක් හැත්තෑ­ද­හ­සක ප්‍රමා­ණ­යක් තිබේ. ඒ තත්ත්වය තුළ එවැනි විශාල පද්ධ­ති­යක් නිසි ලෙස කළ­ම­නා­ක­ර­ණය කර ගැනී­මට හැකි­යාව තිබීම තුළ අප රට තුළ නිසි ලෙස අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ සැල­සුම් ක්‍රියා­ත්මක කරන්නේ නම් එය වඩාත් පහසු සහ හොඳ ප්‍රවේ­ශ­යක් බවට පත් කර ගැනී­මට හැකි­යාව තිබේ. අපේ පාසල් පද්ධ­තිය ස්වාධීන මාව­තක ගමන් නොකර තිබීම නිසා අපේ අධ්‍යා­පන ක්‍රමය තුළම විශාල ගැටලු සහ­ගත තත්ත්ව­යක් මතුව තිබේ.

පාසල් පද්ධ­තිය

සියලු පාස­ල්ව­ලට සම අවස්ථා ලබා දීම මඟින් නව ප්‍රවේ­ශ­යක් ලබා ගැනී­මට පුළු­වන. අප කළ සොයා බැලී­ම්ව­ලදී ළමුන් දෙසීය නොඉ­ක්ම­වන පාසල් සැල­කිය යුතු ප්‍රමා­ණ­යක් තිබේ. තවත් පාස­ලක පන්ද­හස ඉක්ම­වන සිසු පිරි­සක් සිටිති. කොළඹ එක් ප්‍රධාන පාස­ලක සිසුන් ප්‍රමා­ණය අට­ද­හ­සද ඉක්ම­වන බව සඳ­හන්ය. එය ඇතැ­මුන් ආඩ­ම්බ­ර­යට කරු­ණක් බවට පත්කර ගෙන සිටි­යද එය ආඩ­ම්බර විය යුතු කරු­ණක් නොවේ. කන­ගාටු විය යුතු කරු­ණකි. මෙම­ඟින් අප පාසල් පද්ධ­තිය සහ අධ්‍යා­පන ක්‍රමය පිළි­බ­ඳව තිබෙන විෂ­ම­තා­වය පැහැ­දිලි කර ගැනී­මට පුළු­වන. සිදු විය යුත්තේ එවැනි විෂ­මතා නැති­කර ගත හැකි ක්‍රම­වේ­ද­යක් අධ්‍යා­පන ක්ෂේත්‍රය තුළ ඇති කර ගැනී­මය. එනිසා මූලික ලෙස ලොකු පාසල්, කුඩා පාසල්, හොඳ පාසල්, නරක පාසල් යන බෙදීම නැති කර ගත යුතුය. සමස්ත රටේම අධ්‍යා­පන ක්‍රමය සමාන මට්ට­ම­කට ගෙන ඒම කළ යුතුය. එම­ඟින් ජාතික මට්ටමේ අගැ­යීම් ක්‍රම­යක් මෙරට ඇති කර ගැනී­ම­ටය.

කාල­යක සිට මෙරට විශ්ව­වි­ද්‍යාල ප්‍රවේ­ශය පිළි­බ­ඳව පැවැ­තියේ දිස්ත්‍රික් මට්ට­මෙන් ලකුණු ලබා ගන්නා ආකා­රය අනුව විශ්ව­වි­ද්‍යාල වෙත ප්‍රවේ­ශය ලබා දෙනු ලබන ක්‍රම­යකි. එහෙත් සමස්ත අධ්‍යා­පන ක්‍රම­වේ­ද­යම සමාන ක්‍රම­ය­කට සකස් කළ හැකි නම් දිස්ත්‍රික් මට්ට­මෙන් සිදු­වන භේදය නැති කර ගැනී­මට පුළු­වන.

වර්ත­මාන රජය මේ ආකා­රයේ කාර්ය ක්‍රියා­ත්මක කිරීම පිළි­බ­ඳව අව­ධා­නය යොමු කළ යුතුය. ඒ සඳහා මෙම කාර්ය පිළි­බඳ අව­බෝ­ධ­යක් ඇති පැරැණි නිල­ධා­රීන්ගේ සහා­යද ලබා ගැනී­මට පුළු­වන. එසේ කිරීම මඟින් නව රජයේ සහ අග­මැ­ති­නි­යගේ නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ යෝජනා වඩාත් සාර්ථක කර ගැනී­මට හැකි­යාව ඇතැයි අප විශ්වාස කරමු. ඒ සඳහා සහාය ලබා දීමට විෂය පිළි­බඳ ප්‍රවී­ණ­ත්ව­යක් ඇති නිල­ධා­රීන් ලෙස කට­යුතු කළ පිරිස්ද සිටිති. ඔවුන් මෙම සේවාව ජාතික මෙහෙ­ව­රක් ලෙස ස්වේච්ඡා­වෙන් ඉටු කිරී­මට වුවද මැළි­ක­මක් නොද­ක්වති. රජයේ නව ප්‍රති­සං­ස්ක­රණ යෝජනා වඩාත් සාර්ථක වන්නේ එවැනි පුළුල් වැඩ­පි­ළි­වෙ­ළක් මඟිනි.

පාසල් පද්ධ­තිය තුළ ගුරු­ව­ර­යාගේ සිට කාර්යාල කාර්ය සහා­ය­කයා දක්වා කැපව කට­යුතු කළ යුතු අතර විශේ­ෂ­යෙන්ම පාසල් පද්ධ­තිය තුළ සිදු­වන ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලදී විභාග බර අවම කළ හැකි වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කළ යුතුය. අද විභාග බර ලොකු පීඩා­වක් මෙන්ම බරක් බවට පත්ව තිබේ. එහෙත් එය එසේ සිදු නොවිය යුතුය. විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ ඇතැම් නිල­ධා­රීන් මේ ආකා­රයේ වැඩ­පි­ළි­වෙ­ළක් පිළි­බඳ යම් අකැ­මැති බවක් පළ කළ හැකි වුවද විභාග බර අවම කිරීම කළ යුතු දෙයකි. එමෙන්ම කඩ­පා­ඩම් කිරීමේ ක්‍රම­වේ­ද­යද අසා­ර්ථක ක්‍රම­යකි. සාමාන්‍ය පෙළ බර සිය­යට පණ­හ­කින් අඩු කළ හැකි වැඩ­පි­ළි­වෙ­ළක් ඇති කළ යුතුය. ගුරු අධ්‍යා­ප­නය තවත් තර කළ යුතුය. ගුරු පුහුණු ක්‍රම වෙනස් කළ යුතුව තිබේ.

තරග විභාග

අපගේ අද­හස අනුව පෙළ පොත ද වඩාත් අඩු පිටු ප්‍රමා­ණ­ය­කින් සමස්ත විෂය පද්ධ­තිය ආව­ර­ණය කර­න්නක් විය යුතුය. ඒ සියල්ල මඟින් මෙරට අධ්‍යා­පන ක්‍රමයේ අලුත් ප්‍රවේ­ශ­යක් ගොඩ­නඟා ගැනී­මට හැකි­යාව තිබේ.

ශිෂ්‍යත්ව විභා­ගය පිළි­බ­ඳව ද මේ වන විට ලොකු කතා­බ­හක් ඇතිව තිබේ. ශිෂ්‍ය­ත්වය අත්හි­ටු­වීම පිළි­බ­ඳව ද මත­යක් සමා­ජයේ තිබේ. අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ පිළි­බ­ඳව කතා­බහ තුළද ඒ පිළි­බ­ඳව කතා­බ­හක් ද තිබේ. ශිෂ්‍ය­ත්වය පිළි­බ­ඳව තර­ගය ඇතිව තිබෙන්නේ පාසල් පද්ධ­තිය තුළ තිබෙන විෂ­මතා නිසාය. මෙම විෂ­මතා දුරැ­ලී­මට කට­යුතු කළ­හොත් ඒ සමඟ පාසල් පිළි­බ­ඳව ඇතිව තිබෙන මාපිය තර­ගය ද නව­තිනු ඇත. අද විවිධ පාසල් මූලික කර­ගෙන බල කේන්ද්‍ර ඇතිව තිබේ. එය නුසු­දුසු දෙයකි. අවශ්‍ය නම් තරග විභා­ග­ය­කින් දරු­වන් පාසල් වෙත බඳවා ගනු ලබන ක්‍රම­යක් ඇති කර ගත හැකිය.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නං­ගර මහතා මධ්‍ය විද්‍යාල සංක­ල්පය ඇති කළේද අධ්‍යා­ප­නයේ සමාන අවස්ථා ලබා­දීම සඳ­හාය. මධ්‍ය විද්‍යාල සහ මහා විද්‍යාල මඟින් වඩාත් සමාන අවස්ථා ලබා දෙන පාසල් පද්ධ­ති­යක් ඇති කළ හැකි අතර ඒ ආකා­රයේ හොඳ පාස­ලක් සෑම තැන­කම තිබු­ණ­හොත් ඇතිව තිබෙන ශිෂ්‍යත්ව තර­ගය නිමා­වට පත් වීම අනි­වා­ර්යෙන්ම සිදුවේ. එමෙන්ම විවිධ හිත­ව­ත්කම් මත දරු­වන් පාසල් වෙත යොමු කරන ක්‍රම­යද සැමට සමාන අවස්ථා ලබා දෙන පාසල් පද්ධ­ති­යක් ශක්ති­මත් ලෙස ගොඩ­නැ­ඟිම මඟින් නැති කළ හැකිය.

අධ්‍යා­ප­නයේ ප්‍රධා­නම සාධ­කය බවට පත්ව තිබෙන්නේ ගුරු­ව­රුය. එනිසා ගුරු­වරු වෘත්ති­ක­යන් ලෙස ඉදි­රි­යට යාමට අවශ්‍ය ශක්තිය ලබා දිය යුතුය. අද වෛද්‍ය­ව­ර­යකු වීමට අවම සුදු­සු­කම් ප්‍රමා­ණ­යක් තිබේ. ගුරු­ව­ර­යකු වීම­ටද එවැනි අවම සුදු­සු­කම් ප්‍රමා­ණ­යක් තිබිය යුතුය. එහිදී ලෝකය පිළි­ගන්නා අධ්‍යා­ප­න­වේදී උපා­ධි­යක් තිබීම වඩාත් සුදු­සුය. එහෙත් අප රට තුළ එවැනි සුදු­සු­ක­මක් සඳ­හන්ව නැත.

ගුරු­ව­රයා තුළ කුස­ලතා නොමැති නම් දරු­වන් වෙත කුස­ලතා ඇති කළ නොහැ­කිය. විද්‍යා පීඨ පාඨ­මාලා නිසි ලෙස ක්‍රියා­ත්මක කළ යුතුය. අනා­ග­තයේ බිහි­වන සෑම ගුරු­ව­ර­ය­කුම අධ්‍යා­පන විශේ­ෂ­ඥ­යකු බවට පත් කළ යුතුය. එම­ගින් අපගේ රටේ අධ්‍යා­පන ක්‍රමය වෙනස් කළ හැකිය. නව රජය ද තම අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ත්මක කරද්දී අප ඉදි­රි­පත් කළ යෝජනා පිළි­බඳ අව­ධා­නය යොමු කළ යුතුය. සියලු පාර්ශ්ව­වල හොඳ යෝජනා එකට ගෙන ක්‍රියා­ත්මක කිරීම මඟින් වඩාත් ප්‍රති­ඵ­ල­දා­යක අධ්‍යා­පන ක්‍රම­වේ­ද­යක් රට තුළ ඇති කර ගැනී­මට පුළු­වන.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT