276
දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළව ඒ මහතාගේ නීතිඥවරුන් විසින් අභියාචනාකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙයි.
වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය ලබාදි ඇති නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලමින් රිට් පෙත්සම ගොනුකර තිබුණි.
මෙම මෝසම මගින් දන්වා ඇත්තේ නඩුකරයට අදාළ තවත් ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමට අවසර ලබාදෙන ලෙසයි.