Home » 48 වන මස්ටැංග්ස් කුසලාන එක්දින ජය රාජකීයන්ට

48 වන මස්ටැංග්ස් කුසලාන එක්දින ජය රාජකීයන්ට

by chanaka
March 15, 2025 7:45 pm 0 comment

කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර පැවැති 48 වැනි මස්ටැංග්ස් කුසලාන වාර්ෂික එක්දින තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (15) සමත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු 220ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ රාජකීය විද්‍යාලය පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 223ක් වාර්තා කරමින් සිය ජයග්‍රහණය හිමිකර ගත්තේය.

එහිදී කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් හිරුන් ලියනාරච්චි ලකුණු 105ක් රැස්කිරීමට සමත්විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT