Home » මැතිසබයේ හිස් වූ අසුන ගැන කථානායක සභාවට දැනුම්දෙයි

මැතිසබයේ හිස් වූ අසුන ගැන කථානායක සභාවට දැනුම්දෙයි

by chanaka
March 15, 2025 2:14 pm 0 comment

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව කථානායකවරයා අද (15) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එරාවුර් නගර සභාවට ඉදිරිපත් වීම සඳහා ඔහු මෙලෙස ඉල්ලා අස් වී තිබුණි.

මේ සම්බන්ධයෙන් ඒ මහතා ඊයේ (14) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් දැනුම් දුන්නේය.

සාලි නලීම් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT