Home » රේගු පරීක්ෂකවරයෙක් කංසා තෙල් පන්නන්න යෑමේ දී අත්අඩංගුවට

රේගු පරීක්ෂකවරයෙක් කංසා තෙල් පන්නන්න යෑමේ දී අත්අඩංගුවට

by chanaka
March 15, 2025 9:54 am 0 comment

රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සාහ කළ රේගු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ සිට මාලඹේ ප්‍රදේශයේ පුද්ගලයකු වෙත එවා තිබූ අදාළ පාර්සලය රේගු පරීක්ෂකවරයා විසින් ඉවත් කරගැනීමට උත්සාහ කර ඇති බව සඳහන් ය.

කෙසේවෙතත් කංසා තෙල් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම්200ක් සමග ඔහු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසීය.

එම කංසා තොගයේ වටිනාකම රුපියල් තුන්කෝටි 20ක් බව සඳහන් ය.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රේගු පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT