හිටපු පොලිස්ති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසයි.
පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට ගොස් බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තද දේශබන්දු තෙන්නකෝන් මහතා සිටිනා තැනක් ගැන කරුණු අනාවරණය නොවූ බවය.
මාතර, වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සිකුරාදා (28) නියෝග කළේය.
කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නැයි නියෝගය ලබාදි අදට දින 15ක් ගත වී අවසන් වුවත්, අද වන විටත් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හමු වී නැත.