හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව සේවා පියස කාර්යාල 7ක් විවෘත කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතාගේ ආරාධනයෙන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර, මහතාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ආගමික වතාවන් මධ්‍යයේ ඊයේ (13) සිදුකෙරිණි.
2022 හා 2024 වර්ෂවල රජයේ මූල්‍ය ප්‍රතිපාදන රුපියල් මිලියන 27ක මුදලක් වැය කර මෙදින 447 බී පානළුව, 446 ඒ ආටිගල බටහිර, 450 බටවල, 450 ඒ වල්පිට, 482 ඩී නාවලමුල්ල, 482 සී හේනවත්ත, සහ 589 ඒ දියගම, යන ග්‍රාම නිලධාරි වසම්වල නව සේවා පියස කාර්යාල විවෘත කෙරිණි.
ඉන් අනතුරුව දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සේවා පියස පරිශ්‍රයේ කොස් පැළයක් රෝපණය කිරීමද සිදුකරන ලදි.
එම අවස්ථාවට මහා සංඝරත්නය ද, වැඩම කර සිටි අතර, කොළඹ දිස්ත්‍රික් ලේකම් දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.ජේ. නිශාන්ත, ආහාර සුරක්ෂිතතාව හා ප්‍රතිපත්ති පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් එන්.එස්. වනසිංහ, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් නිරංගා පියසුමන, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න, හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල්. ඩී. තේනුවර, යන මහත්ම මහත්මීහු ද, රාජ්‍ය නිලධාරීහු ද, ප්‍රදේශවාසීහු ද රැසක් සහභාගි වූහ.