190
ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා නිෂ්පාදනය කරන දුඹුරු සීනි රටපුරා බෙදාහැරීම සඳහා ඉතිහාසයේ ප්‍රථම වරට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි අලෙවි නියෝජිතයින් පත්කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
තෝරාගත් අලෙවි නියෝජිතයින්ට ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීම කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා අතින් පෙරේදා (12) සිදුකෙරිණි. මෙම අවස්ථාවට ලංකා සීනි සමාගමේ සභාපති රුක්ෂාන් ගුණතිලක මහතා ඇතුළු අදාළ ආයතනවල ප්‍රධානීහු සහභාගි වූහ.