142
ලක්ෂ 41ක රජයේ ප්‍රතිපාදන මත අමුණුකුඹුර ගොවි සංවිධානය විසින් නිම කරන ලද “අමුණුකුඹුර කණුකැටිය අමුණ” ව්‍යාපෘතිය පසුගියදා මල්වතුහිරිපිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන නිලධාරි කේ.පී.එස්.එස්. කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
එහිදී අස්වැද්දුම් කුඹුරු යායේ ගොවි මහතකුට අමුණේ යතුරු භාර දීම ඒ මහතා විසින් සිදු කරන ලදි.
මෙම අවස්ථාවට කෘෂි පර්යේෂණ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් හා ගොවි සංවිධානයේ සාමාජිකයෝ ද සහභාගි වූහ.