Wednesday, March 26, 2025
Home » පාසල් උත්සවවලට දේශපාලනඥයන් ගෙන්වීම තහනම් කරන නීතියක් නෑ

පාසල් උත්සවවලට දේශපාලනඥයන් ගෙන්වීම තහනම් කරන නීතියක් නෑ

අගමැතිනි හරිනි අමරසූරිය

by thanushika
March 14, 2025 4:00 pm 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

පාසල් උත්සව සඳහා දේශපාලනඥයන් ගෙන්වීම වළක්වමින් නීතියක් පනවා නැති බවත්, පාසල් පද්ධතිය තුළ දේශපාලනය පාවිච්චි කිරීමෙන් වැළකීම‌ට සියලු දෙනාට වගකීමක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේදී පෙරේදා (12) ප්‍රකාශ කළාය.

හිටපු කථානායක අශෝක රන්වල මහතා පාසල් ක්‍රීඩා උලෙළකට සහභාගී වී ඇති අතර, ඒ අනුව විපක්ෂයට සහ ආණ්ඩු පක්ෂයට නීති දෙකක් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා මතු කළ කරුණකට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා

“අග්‍රාමාත්‍යතුමියගේ වාර්තාවක් තියෙනවා පාසල්වල උත්සවවලට දේශපාලනඥයන් ගෙන්වීම තහනම් කියලා මාධ්‍ය වාර්තා කළා. ඒත් අපි දැක්කා ඔබතුමන්ලාගේම හිටපු කථානායකතුමා අශෝක රන්වල මහතා හේනගම මධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළට සහභාගී වෙනවා. මම අහන්නේ නීතිය තියෙනවාද තවම? එහෙම නැතිනම් විපක්ෂයට විතරක් දාපු නීතියක්ද මේ තියෙන්නේ? නීති දෙකක් තියෙනවාද?”

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය – “නීතියක් නැහැ. මම එහෙම නීතියක් කොහේවත් පනවලා නෑ. මම කිව්වේ පාසල් පද්ධතිය දේශපාලනයට පාවිච්චි කරන එකෙන් වැළකී ඉන්න අපි සියලුදෙනාම මැදිහත්විය යුතුයි. සියලුදෙනාටම වගකීමක් තියෙනවා කියන එක. එහෙම නැතිව කාටවත් පාසල්වලට යන්න තහනමක් ඇති කළේ නෑ. එහෙම නීතියක් නම් අලුතින් ඇති කළෙත් නෑ. ඒ මාධ්‍ය වාර්තාව වැරදියි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT