Wednesday, March 26, 2025
Home » මාස 3ට ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි 1401ක්

මාස 3ට ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි 1401ක්

by thanushika
March 14, 2025 4:00 pm 0 comment

දුලක්ෂි උඩගෙදර

මේ වසරේ මුල් මාස 03 තුළදී ළමා ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි 1,401ක් ලැබී ඇති බව එම අධිකාරිය පවසයි.

පසුගිය මාස 03 තුළදී වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලෙස පැමිණිලි 332ක් ලැබී ඇත්තේ ළමයින්ට එරෙහිව කෲරත්වය සම්බන්ධවයි.

මීට අමතර ළමයින්ගේ භාරය හා ආරක්‍ෂාව පිළිබඳ පැමිණිලි 352ක් ද, වයස අවුරුදු 16ට අඩු ළමයින් පාසල් නොයැවීම සම්බන්ධව පැමිණිලි 279ක් ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇත.

එසේම ළමයින් සිඟමනේ යෙදවීම පිළිබඳ පැමිණිලි 39ක් ද, ළමයින්ට ලිංගිකව අතවර කිරීම පිළිබඳව පැමිණිලි 104ක් ද, ළමයින්ව තුවාල කිරීම පිළිබඳ පැමිණිලි 56ක් ද, උපදේශනය මනෝ සමාජ සහාය අවශ්‍ය ළමයින් පිළිබඳ පැමිණිලි 23ක් ද ළමා ආරක්ෂක අධිකාරිය වෙත වර්තා වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT