Home » කොළඹ අපරාධ කොට්ඨාසයේ නම වෙනස් කරයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ නම වෙනස් කරයි

by thanushika
March 14, 2025 4:00 pm 0 comment

ගයාන් කුමාර වීරසිංහ

කොළඹ අපරාධ කොට්ඨාසයේ නාමය කොළඹ දිසා අපරාධ කොට්ඨාසය ලෙස වෙනස් කර තිබේ.

කොළඹ අපරාධ බියුරෝව ලෙස කොළඹ 07 ග්‍රෙගරිපාරේ 1971 වසරේදී ස්ථාපිත කළ මෙම විශේෂ ඒකකයේ ආරම්භක අධ්‍යක්ෂක ලෙස සේවයේ නිරතව සිට ඇත්තේ සුන්දරලිංගම් මහතාය.

කොළඹ සහ ඒ අවට නගර ආශ්‍රිතව පාතාල අපරාධ කල්ලි මර්දනයට මුල්කාලයේ විශාල දායකත්වයත් ලබාදුන් මෙම ඒකකය චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ කාලයේදී වසා දැමීමට පියවර ගත්තේ සිරිමාවෝ මැතිනියගේ කාලයේ ආරම්භ කළ විශේෂ පොලිස් ඒකකයක් වූ මෙම ඒකකය දියණිය විසින් වසා දැමීමට කටයුතු කළ බවට වූ චෝදනාවක්ද එල්ල වෙමිනි.

කාන්තාවක් එහි රඳවාගෙන පිරිමි නිලධාරින් එක්ව දස වද දෙමින් රන් මුදුවක් සොරා ගැනීමක් ගැන කළ ප්‍රශ්න කිරීමක් සම්බන්ධයෙන් සමාජයේ දැඩි දෝෂාරෝපණයට මෙම ඒකකය ලක්වීමත් සමඟ එය වසා දැමීමට කටයුතු කරනු ලබන්නේ එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නියෝගයෙනි.

වසරකට වැඩි කාලයක් වසා දමා තිබුණු මෙම ඒකකය කොළඹ අපරාධ කොට්ඨාසය නමින් නැවත ස්ථාපිත කරනු ලබන්නේ කීර්තිමන් පොලිස් නිලධාරියෙක් වූ බෝධි ලියනගේ මහතා කොළඹ නියෝජ්‍ය පොලිස්පතිධුරය දරමින් සිටි 2001 වසරේදීය.

කොළඹ අපරාධ කොට්ඨාසය ලෙසින් එතැන් සිට ක්‍රියාත්මක වූ මෙම ආයතනය ශ්‍රී ලංකා පොලීසියේ පැවති කීර්තිමත් ආයතනයක් ලෙස බැබලුණද පසුගිය කාලයේ මෙම ආයතනයේ සේවයේ නිරතව සිටි ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාප හේතුවෙන් එය පත්ව තිබුණේ අපරාධ වර්ධනය කිරීමේ ස්ථානයක් බවටය.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට පවා සොයමින් ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මඟින් සිදුකළ අනීතික ක්‍රියාවක් හේතුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT