393
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට අතරවර කළ සැකකරු පදිංචිව සිටි නිවසේ ගමන් මල්ලක තිබූ පාත්තරයක තිබී ජීව අත්බෝම්බයක් පොලිසිය සොයාගෙන තිබේ.
සැකකරු විසින් පැහැරගත් වෛද්‍යවරිගේ ජංගම දුරකථනය සෙවීම සඳහා ඔහු පදිංචිව සිටි ගල්නෑව ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේ දී මෙම ජීව අත්බෝම්බය සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගැනුණු සැකකරු ඊයේ (13) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර පැය 48ක රැඳවුම් නියෝග මත සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අවසර දෙනු ලැබිණ.