Monday, April 21, 2025
Home » බූස්ස හිටපු අධිකාරී ඝාතනය: සැකසහිත යතුරුපැදි 2ක් සොයාගනියි

බූස්ස හිටපු අධිකාරී ඝාතනය: සැකසහිත යතුරුපැදි 2ක් සොයාගනියි

by chanaka
March 14, 2025 8:28 am 0 comment

crime news Srilanka

ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදි 2ක් සොයාගෙන තිබේ.

ඒ යක්කලමුල්ල ප්‍රදේශයේදී ය.

තලගහවත්ත ප්‍රදේශයේ සීතලදොල ආරණ්‍ය සේනාසනය පාරේ කටුපොල් වත්තක දමා ගොස් තිබියදී මෙම සැකසහිත යතුරුපැදි දෙක හමුවී තිබේ.

ඒ අනුව සැකකරුවන් සොයා අදාළ ප්‍රදේශය වට කරමින් මෙහෙයුමක් ආරම්භ කිරීමට යක්කලමුල්ල පොලීසිය පියවර ගෙන ඇත.

බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතාව ඊයේ (13) පස්වරුවේ වෙඩිතබා ඝාතනය කෙරුණි.

අක්මීමන, තලගහපිටියේ පිහිටි ඔහුගේ නිවසේදී නාඳුනන වෙඩික්කරුවකු විසින් ඝාතනය සිදුකර පලාගොස් තිබුණු බව වාර්තා විය.

විශ්‍රාමික බන්ධනාගාර අධිකාරී සිරිදත් ධම්මික මහතාගේ අක්මීමන, තලගහපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේදී ඊයේ පස්වරු 4.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුවී තිබුණි.

පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතබා පලාගොස් ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ විශ්‍රාමික බන්ධනාගාර අධිකාරීවරයා කරාපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා විය.

කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.

61 හැවිරිදි සිරිදත් ධම්මික මහතා දරුණු අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කලක් සේවය කර තිබුණි.

ඝාතනය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් 4ක් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT