Home » වැලිවේරිය වෙඩි තැබීම සොයන්න පොලිස් කණ්ඩායම් 3ක්

වැලිවේරිය වෙඩි තැබීම සොයන්න පොලිස් කණ්ඩායම් 3ක්

by chanaka
March 14, 2025 8:24 am 0 comment

Shooting in Baduraliya

වැලිවේරිය අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රියේ සිදුකළ සම්බන්ධයෙන් සෙවීමට පොලිස් කණ්ඩායම් 3ක් යොදවා ඇතැයි වාර්තා වේ.

සිද්ධියෙන් එක් අයෙකු තුවාල ලබා තිබිණි.

පොලීසිය පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කෙරුණු බවය.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය.

වෙඩි ප්‍රහාරයෙන් එම පුද්ගලයාගේ වම් අතට තුවාල සිදුවී ඇති අතර වෙඩි වැදිමෙන් පසු ඔහු රථය නොනවත්වා රෝහල වෙත ධාවනය කර ඇති බව පවසෙයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3ක් පරීක්ෂණ සිදුකරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT