ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට පෑයූ නවකයන් අතරින් සුපිරි තරු සේම සුපිරි දක්ෂයන් ද සිටියි. සූර්යා දයාරුවන් යනු ගායනය රංගනය, නිවේදනය යන ක්ෂේත්‍ර ත්‍රිත්වයෙන් දස්කම් පාන නව පරපුරේ සිටින දක්ෂයෙකි. සූර්යා 2013 වසරේ ‘සමනල සංධවනිය’ සිංහල චිත්‍රපටයේ ‘වාදීෂ’ චරිතය හරහා තම රංගන දිවිය ඇරඹූ අතර මේ දිනවල සාර්ථකව තිරගත වන ‘ගොවි තාත්තා’ චිත්‍රපටයේ ‘ලොකු පුතා’ සහ ‘ගෞතම බුද්ධ මාතා’ චිත්‍රපටයේ ‘ජන්න ඇමැති’ යන චරිත ද්විත්වය හරහා ප්‍රේක්ෂකයා හමුවට එයි. ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ‘සමනල සංධවනිය’ චිත්‍රපට තුළින් සූර්යා ඔහුගේ රංගන දිවිය වෙත සාර්ථත පිම්මක් තැබූ අතර ඉන් නොනැවතී ‘වැලි පවුරු’, ‘කාල’, ‘හැපි බර්ත්ඩේ’, ‘සරුංගල්’, ‘තට්ටු දෙකේ ඉස්කෝලේ’ වැනි සිංහල චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වී ඇත. ‘කාල’ ඓතිහාසික චිත්‍රපටයේ සූර්යා නිරූපණය කළේ ‘කාශ්‍යප’ කුමාරයාගේ චරිතයයි. සූර්යාගේ ප්‍රතිරූපයට සාපේක්ෂව ‘හැපි බර්ත්ඩේ’ චිත්‍රපටයේ ඔහු රඟපෑවේ ‘රැටිටා’ නමැති දුෂ්ට සහ දාමරික චරිතයයි. එය සූර්යාගෙන් දක්නට ලැබුණු වෙනස්ම ගණයේ චරිතයකි.
සූර්යා සිනමාවට සාපේක්ෂව වැඩිමනක් පුංචි තිරය හරහා ද දැකගන්නට ලැබේ. සූර්යාගේ පළමු ටෙලිනාට්‍යය වූයේ ෂර්ලි පී. දෙලංකාවල අධ්‍යක්ෂණය කළ ÒපෝටාවැටියÓ ටෙලිනාට්‍යයයි. මේ වනවිට ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයක රංගනයෙන් දායක වී ඇති සූර්යාට ‘ෆෝචූන් රෙසිඩන්ස්’, ‘විදු’, ‘හිතුවක්කාරි’, ‘සල්මල් ආරාමය’, ‘සකර්ම’, ‘තණමල්විල කොල්ලෙක්’, ‘මිණිගං දෑල’, ‘හිතුවක්කාරයා’, ‘දස්කොන්’, ‘පොඩිඩි’, ‘තෝඩු’ ,පුංචි ආදර කතාවක්’ ආදී ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට හැකි විය.
ආනන්ද හාමුදුරුවන්ගේ චරිතය කළ ” සල්මල් ආරාමය ” ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයන්ගේ අවධානයට ඔහු ලක්විය. මෑතකදි හිරු නාළිකාව හරහා විකාශය වූ ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ සූර්යා රංගනයෙන් දායක වූ ‘උඳුල්’ නමැති ප්‍රේමවන්තයාගේ චරිතය වඩාත් ජනප්‍රිය වූ අතර ටෙලිනාට්‍යයේ ‘කියන්න තිබුණා නම්’, ‘නොදන්නවා නොවේ’, ‘මුහුකුරා’, ‘යෞවන කාලයේ’, ‘හාද වී’ යන ගීත පහ ගායනයෙන් සූර්යා සම්බන්ධ වීම කැපී පෙනේ. සුමති සම්මාන උළෙලෙහි 2021, 2022, 2023 වසර ත්‍රිත්වයේදීම ජනප්‍රිය නළුවා අංශය යටතේ නිර්දේශ වූ අතර සමනල සංධවනිය චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් 2014 වසරේ දී ‘හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උලෙළෙහි’ විශේෂ ජූරි සම්මානයක් ද ඔහුට හිමි විය.
‘ස්වර්ණපාලි’, ‘කාල වර්ණ’, ‘වසන්තයේ තව දුර ඇති’, ‘සිත නිවන කතා’, ‘සසර සෙවණැලි’, ‘හිත අද්දර’, ‘අම්මා’ වැනි ටෙලි චිත්‍රපට සඳහා ද ඔහු රංගනයෙන් දායක වී ඇත. සූර්යා ගායකයකු ලෙස ශ්‍රාවකයන් අතර අවධානයක් දිනා ගත්තේ ඔහු ගැයූ ‘මගේනේ’ ගීතය හරහායි. එය ශ්‍රී ලංකාවේ ශ්‍රාවකයන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් වූ ගීතයකි. ඔහු ගැයූ ‘මනසාරී’ ගීතය ද ශ්‍රාවකයන් ආදරයෙන් වැලඳගත් ගීතයක් විය. සූර්යා සංගීතය වඩාත් පෘථුල ලෙස හදරා ඇති විද්‍යාර්ථයකු වන අතර සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බටහිර සංගීතය පිළිබඳ උපාධිධාරියෙකි. ඔහුටම ආවේණික වූ කටහඬ තුළින් වඩාත් චතුර ලෙස සමත්කම් දක්වන්නේ ඔපෙරා ගී ගැයීමටයි. සූර්යා රංගනයෙන් දායක වූ ‘මෝඩ තරිඳු’ චිත්‍රපටය ඉදිරියේ දී තිරගත වීමට නියමිත වන අතර තවත් ටෙලිනාට්‍ය බොහෝමයක ඔහු රඟපෑමට නියමිතය. එමෙන්ම විවිධ ටෙලිවිෂන් නාළිකාවන්හි විශේෂාංග වැඩසටහන් රාශියක නිවේදකයකු ලෙස ද මේ වනවිට කටයුතු කරන්නේය.
ඡායාරූපය-නිශ්ශංක විජේරත්න
සංස්කරණය – ශ්‍යාමා සමරසිංහ