Tuesday, March 25, 2025
Home » DFCC බැංකුව පෙරළිකාර මූල්‍ය කාර්යසාධනයක් අත්පත් කරගනී

DFCC බැංකුව පෙරළිකාර මූල්‍ය කාර්යසාධනයක් අත්පත් කරගනී

by thanushika
March 14, 2025 4:00 pm 0 comment

DFCC බැංකුව 2024 වසරේදී අර්ථික අභියෝග ජයගනිමින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කළ අතර බැංකුවේ සමස්ත ශුද්ධ මෙහෙයුම් ආදායම 30% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 35ක් වූ අතර, බදු ගෙවීමෙන් පසු ලාභය (PAT) රුපියල් බිලියන 9.9ක් විය. එය වසරින් වසර සමස්ත වර්ධනයේ (year-on-year (YoY)) 16%ක ඉහළ යෑමක් පිළිබිඹු කරයි. එසේම බැංකුවේ මුළු වත්කම් රුපියල් බිලියන 709ක් දක්වා 10% කින් වර්ධනය කරගනිමින්, තම මූල්‍ය ස්ථාවරත්වය මනාලෙස උපාය මාර්ගිකව පුළුල් කරගෙන තිබේ.

තවද ක්‍රමානුකූලව වර්ධනය වන මූල්‍ය ද්‍රවශීලතා පරිසරයක් මධ්‍යයේ, ණය සහ තැන්පතු පොලී අනුපාත අඩුවීම හමුවේ සහ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම හමුවේ DFCC බැංකුව, ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත ප්‍රතිලාභ ලැබෙන බව තවදුරටත් සහතික කිරීමක් ලෙස මෙය සඳහන් කළ හැකිය. ධනාත්මක සාර්ව ආර්ථික ප්‍රවණතා සහ ශක්තිමත් ප්‍රතිසාධන උත්සාහයන් හේතුවෙන් බැංකුවේ ණය සහ අත්තිකාරම් සඳහා ශුද්ධ හානිපූරණ ගාස්තුව (Impairment Charge) 68% කින් අඩු වී රුපියල් බිලියන 3.96ක් ලෙස වාර්තා විය. ඊට අමතරව, DFCC බැංකුව එහි ආයෝජන ප්‍රශස්ත කරමින්, ඉහළ ප්‍රතිලාභ සහිත රජයේ සුරැකුම්පත් සඳහා නිරාවරණය වැඩි කරමින්, ලාභදායීතාවය තවදුරටත් වැඩිකර ගනු ලැබීය.

බැංකුවේ කොටස් මත ප්‍රතිලාභ (ROE) 10.99% ක් වූ අතර, වත්කම් මත ප්‍රතිලාභ (ROA) 2.01% දක්වා වර්ධනය විය. එම තත්ත්වය බැංකුවේ කාර්යක්ෂම වත්කම් භාවිතය පිළිබිඹු කරයි. තවද බැංකුවේ මුළු සේවා ගාස්තු සහ කොමිස් ආදායමේ 8% ක වැඩිවීමක් ද වාර්තා කර ඇති අතර, එය ප්‍රධාන වශයෙන් මුදල් ප්‍රේෂණ, බැංකු සේවා ආශ්‍රිත කොමිස් මුදල් සහ ණයවර පත්(Credit Card) මෙහෙයුම් යනාදී ආදායම් මගින් සමන්විත විය.

උද්ධමනකාරී තත්ත්වයන් මධ්‍යයේ වුවද, තම මෙහෙයුම් කාර්යක්ෂමතාව මනාලෙස පවත්වාගනිමින්, පිරිවැය පාලන පියවරයන් හරහා බැංකුව මෙහෙයුම් වියදම් ඵලදායී ලෙස කළමනාකරණය පිළිබඳවද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT