මවුන්ට් ලෝටස් රෝහල මාර්තු 9 සිට 15 දක්වා ලොව පුරා සැමරුම්වලට සමගාමීව ශ්‍රී ලංකාව තුළද ග්ලූකෝමා සතිය සමරයි. ජනතාව ආරක්ෂා කිරීමට “අක‍්ෂි බිංදු නොමැතිව ජීවත් වන්න” යන තේමාව යටතේ දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කර ඇත. ග්ලූකෝමාව පෙනීම නැති කිරීමේ නිහඬ මාරයා ලෙස ලොව පුරා ප්‍රසිද්ධය. මවුන්ට් ලෝටස් රෝහල වයස 35න් පසු ඇස් පරීක්ෂා කර ගැනීම කොතරම් වැදගත්ද යන්න අවධාරණය කරයි. රෝගය ඇතැයි විනිශ්චය කළ පසු ජීවිත කාලය පුරාම අක්ෂි බිංදු පොදු ප්‍රතිකාරය කළ යුතු අතර එය රෝගීන්ට විශාල බරකි.
අක‍්ෂි බිංදු නොමැතිව ජීවත් වීමට ඇති එකම ක්‍රමය SLT ප්‍රතිකාරයයි. එය මෙතෙක් සොයා ගෙන ඇති වඩාත්ම ඵලදායී ප්‍රතිකාරය වේ. එය ග්ලූකෝමා රෝගියාට අක‍්ෂි බිංදු නොමැතිව ජීවිතය පවත්වා ගෙන යෑමට සහාය වේ. මවුන්ට් ලෝටස් රෝහල පවසන්නේ එය අද්විතීය ප්‍රතිකාර ක්‍රමයක් බවත් උසස් ප්‍රමිතියෙන් එය පවත්වා ගෙන යන බවත්ය. සෑම පුරවැසියෙකුටම දැරිය හැකි මිලකට වෛද්‍ය ප්‍රතිකාර සපයන බව ප්‍රධාන වෛද්‍ය සමන් බස්නායක මහතා පවසයි. ISO 9001:2015 තත්ත්ව සහතිකය ලත් රෝහල බාහිර රෝගී සත්කාර පහසුකම්, ENT රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ඉහළ ප්‍රමිතියෙන් යුතුව සපයන බව සහතික කරයි. ලෝක ග්ලූකෝමා සතියට සමගාමීව මවුන්ට් ලෝටස් රෝහලට අවශ්‍ය වන්නේ ඒ ආශ්‍රිත අවදානම් පිළිබඳව ජනතාව තුළ දැනුම්වත්භාවය ඇති කිරීමට සහ SLT ප්‍රතිකාර හරහා රෝගීන්ට හොඳම ප්‍රතිකාර සැපයීම සහතික කිරීමටයි. Medicare ප්‍රදර්ශනයේ ඔවුන්ගේ මෑත කාලීන නියෝජනය බොහෝ දෙනෙකුට අක්ෂි බිංදු නොමැතිව ජීවත් වීමට SLT ප්‍රතිකාරයේ අද්විතීය ප්‍රතිලාභ තේරුම් කර දීමට උපකාර විය. මුල් අවධියේ ග්ලූකෝමාව හඳුනා ගත්තොත් අක්ෂි බිංදු භාවිත නොකර SLT ප්‍රතිකාරය තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. යමෙකු දැනටමත් අක්ෂි බිංදු භාවිත කරන්නේ නම් ඔවුන්ට අක්ෂි බිංදු ගණන අඩු කිරීමට හෝ එය භාවිත කිරීම ස්ථීරවම නැවැත්වීමට හැකිය.