Tuesday, March 25, 2025
Home » ‘The Impossible Shot’ වනජීවී ඡායාරූපකරණ සන්ධ්‍යාව අප්‍රේල් 06

‘The Impossible Shot’ වනජීවී ඡායාරූපකරණ සන්ධ්‍යාව අප්‍රේල් 06

by thanushika
March 14, 2025 4:00 pm 0 comment

වන සම්පත තුළ ඇති චමත්කාරය ඔබ වෙත විවර කර දෙමින් ලෝක ප්‍රකට වන ජීවී ඡායාරූප ශිල්පී හා සංරක්ෂණවේදී සමඟ Paul Goldstein සුවිශේෂී වැඩසටහනක් එළඹෙන අප්‍රේල් 06 වන දින Cinnamon Life හිදී පැවැත්වේ. ‘අභියෝගාත්මක ඡායාරූපකරණය’ ලෙස නම් කළ එම සුවිශේෂී අවස්ථාව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා Cinnamon Life හිදී පැවැත්විණ.

ඔබට ස්වභාවික පරිසරයේ සුන්දරත්වය සැමරීමේ අසමසම අවස්ථාවක් නිර්මාණය කරනු ලබන මෙම ‘impossible shot’ වැඩසටහන තුළින් අලංකාර හා අසාමාන්‍ය වන ජීවී ඡායාරූප ලබා ගැනීම සඳහා අවශ්‍ය කැපවීම හා හැකියාව පිළිබඳ අවබෝධය ඉහළ නංවනු ඇත. වන ජීවී ඡායාරූපකරණය හා මාර්ගෝපදේශනය පිළිබඳ වසර 30කට අධික අත්දැකීම්වලින් පරිපූර්ණ Paul Goldstein මේ වන විට කෙන්යාව, ස්පිටිස්බගර්න්, ඇන්ටාක්ටිකාව ඇතුලු බොහෝ රටවල අතිශය දුෂ්කර වන භූමිවල ඡායාරූපකරණ අත්දැකීම් හිමි කරගෙන ඇත. වන ජීවී ඡායාරූපකරණය පිළිබඳ ඔහුගේ කලාත්මක හැකියාව, අවබෝධය හා අදහස් ලොව පුරා ඉහළින්ම පිළිගනු ලබයි. The Sunday Times ඔහුව හඳුන්වන්නේ ‘අසීමිත උත්සාහවන්තයකු’ ලෙස වන අතර The Times පුවත්පත ‘වෙනත් ඕනෑම පුද්ගලයකුට වඩා ඔබව වන ජීවී ඡායාරූපකරණයේ ඉහළට රැගෙන යන තැනැත්තා’ ලෙස ඔහුව නම් කොට තිබීම ඊට කදිම නිදසුන් සපයයි. අභියෝගාත්මක ඡායාරූපකරණයේදී ඔබව මෙතෙක් අත් නොදුටු චමත්කාරජනක දර්ශනයන් වෙත ගෙන යාමේ සුවිශේෂී හැකියාව සහිත මෙහිදී තමන් විසින් ඡායාරූපගත කළ ආකර්ෂණීය අවස්ථාවන් සහභාගීවන්නන් සමඟ බෙදාහදා ගැනීමට ද නියමිතය. එසේම ශ්‍රී ලංකාවේ සම්මානලාභී වනජීවී ඡායාරූප ශිල්පි හා සංරක්ෂණවේදී චිත්‍රාල් ජයතිලක විසින් Chasing a Dream තේමාව යටතේ මෙහිදී තවත් සුවිශේෂී ඉදිරිපත් කිරීමක් සිදු කිරීමට නියමිතය. මෙරට ජෛව විවිධත්වය පිළිබඳ ලොවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇති චිත්‍රාල් දැනුවත් කිරීම් හා සංරක්ෂණයන් තුළින් වන ජීවී ලෝකයේ හොඳම අවස්ථාවන් ඡායාරූපගත කිරීමේ අභියෝග හා ජයග්‍රහණයන් පිළිබඳ සහභාගි වන්නන් දැනුවත් කරනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT