Sun Siyam Pasikudah හෝටලය තම කාර්ය මණ්ඩල සාමාජිකාවන්ට බුහුමන් දක්වමින් පසුගිය මාර්තු 08 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය උත්කර්ෂවත් අයුරින් සැමරීමට එක්විය. කාන්තා දිනය වෙනුවෙන් විශේෂ කේක් නිර්මාණයක් ද සකස් කර තිබුණු අතර, වෙනත් විශේෂ වැඩසටහන් කිහිපයක් ද සංවිධානයකර තිබුණි. එහිදී මෙරට සංචාරක කර්මාන්තය තුළ කාන්තා නියෝජනය වැඩිකිරීම වෙනුවෙන් හෝටලය මඟින් ලබාදෙන දායකත්වය ගැන විශේෂයෙන් ඉස්මතු කෙරුණි. මෙරට ජනගහනයෙන් අඩකට වඩා පිරිසක් කාන්තාවන් වූව ද, සංචාරක කර්මාන්තයේ නියැළී සිටින කාන්තාවන්ගේ ප්‍රමාණය සියයට 10කටත් අඩු ප්‍රතිශතයක් ගනී. ජාත්‍යන්තරය තුළ සංචාරක ව්‍යාපාරයේ කාන්තා නියෝජනය සියයට 50 ඉක්මවා තිබියදී ශ්‍රී ලංකාව තුළ එය තවමත් ඉතා අවම මට්ටමක තිබීම සැළකිල්ලට ගතයුතු කරුණකි.
සංචාරක කර්මාන්තය කෙරෙහි කාන්තාවන්ගේ අවධානය අඩුවෙන් යොමුවීමට හේතු ලෙස සමාජ ආකල්ප, ආරක්ෂාව පිළිබඳ ගැටලු සහ ස්ත්‍රී පුරුෂභාවය හා බැඳුණු සමාජ භූමිකා පිළිබඳ සාම්ප්‍රදායික ආකල්ප ආදිය පෙන්වා දිය හැක. Sun Siyam Pasikudah හෝටලය මෙම ගැටලු නිවැරදිව හඳුනාගනිමින් ඉහළ කාන්තා නියෝජනයක් සහිත සේවා පරිසරයක් බිහිකිරීමට පියවර ගණනාවක් ගෙන තිබේ.
හෝටලය මඟින් අවට ප්‍රදේශයේ කාන්තාවන්ට රැකියා ලබා දී ඇති අතර, ඔවුන්ට පූර්ණ පුහුණුවක් සමඟ ආරක්ෂාකාරී සේවා පරිසරයක් ලබා දී තිබේ. එමඟින් ප්‍රදේශවාසී කාන්තාවන්ට රැකියා හිමිකරදීමට අමතරව, මෙරට නැඟෙනහිර කලාපය තුළ සමාජ-ආර්ථික සංවර්ධනයට දායකවීමට ද Sun Siyam Pasikudah හෝටලය කටයුතු කර ඇත.