Tuesday, March 25, 2025
Home » සෙලාන් බැංකුව 1990 සුව සැරිය පදනමේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට දායක වෙයි

සෙලාන් බැංකුව 1990 සුව සැරිය පදනමේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට දායක වෙයි

by thanushika
March 14, 2025 4:00 pm 0 comment

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෑතකදී ‘1990 සුව සැරිය’ ගිලන් රථ සේවාවට අයත් ගිලන් රථයක් අලුත්වැඩියා කර එයට අවශ්‍ය උපකරණ හා පහසුකම් ලබාදීම සඳහා දායක විය. සුව සැරිය පදනම මගින් ක්‍රියාවට නංවා ඇති ‘Adopt an Ambulance’ ව්‍යාපෘතිය යටතේ මෙම ප්‍රජා සත්කාරය සිදුකරන ලදි. පුත්තලම ප්‍රදේශයේ ධාවනය වන මෙම ගිලන් රථය මෙලෙස අලුත්වැඩියා කර ධාවනයට එක්කිරීම මඟින් එම ප්‍රදේශයේ ජනතාවට සුවිශාල යහපතක් සිදුවනු නොඅනුමානය.

සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මහතා සහ එහි සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා විසින් අදාළ මූල්‍යමය අනුග්‍රාහකත්වය 1990 සුව සැරිය පදනමේ ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා මහතා වෙත භාරදෙන ලදි. මෙම අවස්ථාව මෙරටට අතිශයින් වැදගත් වන සෞඛ්‍ය පහසුකමක් වන මෙම ගිලන් රථ සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වය දක්වන උනන්දුව හා කැපවීම මැනවින් සංකේතවත් කළ අවස්ථාවක් විය.

“1990 සුව සැරිය පදනම මඟින් රට පුරා වෙසෙන ජනතාව වෙනුවෙන් ඉටුකරනු ලබන මෙහෙවර ප්‍රශංසනීයයි. සුහද හදක් ඇති දේශීය බැංකුව වශයෙන්, ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදෙන අතරම රටේ සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා එම පදනම දරන උත්සාහය අප බෙහෙවින් අගය කරනවා. එම මෙහෙවර අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් ක්‍රියාවට නැංවූ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට මෙලෙස දායක වීමට ලැබීම අපට මහත් සතුටක්” ආසිරි අභයරත්න මහතා පැවසීය.

1990 සුව සැරිය පදනම මේ වන විට රට පුරා ජනතාවට හදිසි සෞඛ්‍ය සේවාවන් සැපයීම සම්බන්ධයෙන් කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටියි. විශේෂයෙන්ම රටේ ග්‍රාමීය හා දුෂ්කර පළාත්වල වෙසෙන ජනතාවගේ ජීවිත සුරකිමින් රටේ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා එමඟින් ඉටුවන මෙහෙවර අතිමහත්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT