Home » මාලදිවයිනේ රඳවාගත් ශ්‍රී ලංකා ධීවර යාත්‍රා දෙකක් මුදා හැරේ

මාලදිවයිනේ රඳවාගත් ශ්‍රී ලංකා ධීවර යාත්‍රා දෙකක් මුදා හැරේ

by chanaka
March 14, 2025 3:54 pm 0 comment

ඊයේ (13) IMULA0780CHW සහ IMULA0710KLT යන යාත්‍රා දෙක මාලදිවයින් බලධාරීන් විසින් නිදහස් මුහුදු සීමාවේදී ගමන් කරමින් තිබියදී රඳවා ගනු ලැබීය.

කෙසේ වෙතත්, ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ක්ෂණික මැදිහත්වීම සහ මාලදිවයින් බලධාරීන්ගේ සහයෝගය හේතුවෙන් එම යාත්‍රා දෙක මුදා හැරීමට කටයුතු කරන ලදී.

එමෙන්ම, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. ජේ. කහවත්ත මහතා මෙහිදි අවධාරණය කළේ,

“සෑම විටම නිවැරදි ආකාරයකට වැරදි කිරීමකින් තොරව ජාත්‍යන්තර මුහුදේ ධීවර රැකියාවේ යෙදෙන ධීවරයන් සම්බන්ධයෙන්ද නිවැරදි ගමන් මාර්ග ඔස්සේ ගමන් කරන නිවැරදි ධීවරයන් වෙනුවෙන් සෑම අවස්ථාවකදීම ධීවර අමාත්‍යාංශය පෙනී සිටිනවා. ඒ අනුව සියලු ධීවරයන්ගෙන් ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර නීති රීති වලට අනුකූලව නිවැරදි ආකාරයට ධීවර රැකියාවේ යෙදෙන ලෙසයි.”

මෙම සිදුවීම සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඊට සම්බන්ධ වූ සියලු පාර්ශ්වයන්ට ස්තුතිය පුද කරයි

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT