Home » අනුරාධපුර මහරෝහලට නව අධ්‍යක්ෂවරයෙක් පත් කෙරේ

අනුරාධපුර මහරෝහලට නව අධ්‍යක්ෂවරයෙක් පත් කෙරේ

by yasara
March 14, 2025 3:24 pm 0 comment

පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්. එම්.යූ. අයි කරුණාරත්න මහතා දැනට දරණ තනතුරට අමතරව වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා පත්කර ඇති බව වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍යය අනිල් ජාසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබෙයි.

මෙතෙක් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා ලෙස එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වන ඩී. එම්. එස් සමරසිංහ මහතා කටයුතු කළ අතර ඒ මහතා වෙනුවට මෙම නව පත් කිරීම සිදුකර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT