Home » ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සදහා බ්‍රිතාන්‍යයෙන් ශක්තියක්

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සදහා බ්‍රිතාන්‍යයෙන් ශක්තියක්

මහ කොමසාරිස්වරයා සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

by chanaka
March 14, 2025 12:16 pm 0 comment

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා, දෙවන ලේකම් (දේශපාලන) ඇලෙක්සැන්ඩර් ස්මිත් මහතා අතර හමුවක් පසුගිය දා කොළඹ පිහිටි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී පැවැත්විණ.

මෙම හමුව දෙරට අතර දිගුකාලීන සම්බන්ධතා මෙන්ම ඩිජිටල් පරිවර්තනය සහ සයිබර් ආරක්ෂාව යන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කළේය.

මෙහිදී විශේෂයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික ප්‍රමුඛතා දිරිමත් කිරීම, ඩිජිටල් නවෝත්පාදන සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ සහයෝගීතාව සඳහා නව අවස්ථා හඳුනා ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවිය.

මෙම හමුව සදහා නවදිල්ලියේ විදේශ , ආරක්ෂක ප්‍රතිපත්ති සඳහා දකුණු ආසියානු සයිබර් ප්‍රධානී ලෝරා බෝල්ඩ්වින් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍යංශය නියෝජනය කරමින් දමිත්‍රි සමන්ගිකා මහත්මිය ද සහභාගී විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT