රාජකාරියට එහා යමින් රුපියල් ලක්ෂ පහක මුදලට (500,000) වැඩි අගයක් එකතුකරමින් විශේෂ අවශ්‍යතා ඇති දැරියකට රුපියල් ලක්ෂ තිහක (30,00000) පමණ වටිනාකමකින් යුත් නව නිවෙසක් තනා දුන් මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ කැපවීම හා උත්සාහය සැමට ආදර්ශයකි.
211 ග්‍රාම නිලධාරී වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී හා ග්‍රාම නිලධාරී, ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් සියලු කාර්යයන් රජයේ මැදිහත්වීමෙන් සිදුවනතුරු බලා නොසිට හැකි අයුරින් තම යතුරුපැදියෙන් ගොස් අවශ්‍ය ද්‍රව්‍ය සපයා දෙමින් අත් උදව්කරුවන් සේ සහාය දෙමින් ශ්‍රමයෙන් කැපවීමෙන් හා යුද හමුදා සාමාජිකයන්ගේද සහාය ලබා ගනිමින් මෙම නිවෙස ඉදිකර තිබේ.
ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයෙන් ක්‍රියාත්මක නිවාස ආධාර වැඩසටහන යටතේ ලැබුණු රුපියල් ලක්ෂ පහක මුදල අරපිරිමැස්මෙන් පරිහරණය කරමින් විශේෂ අවශ්‍යතා සහිත දැරියක වන උමයංගනා සත්සරණි දැරියට එලෙස නව නිවෙස ලබාදීම පසුගිය දිනක සිදු විය.
2025.03.06 දින සුබ මොහොතින් මහව ප්‍රාදේශීය ලේකම් නඳුන් ආර්. සම්පත් මහතා හා වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් මල්කාන්ති පියසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිවෙස පරිත්‍යාග කළ අතර, දැරිය විසින් පීත්ත පටිය කපා නිවෙසට ඇතුළු විය.
ඇඹෝගම ග්‍රාම නිලධාරී වසමේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ මෙන්ම ග්‍රාමීය කමිටුව හා ප්‍රදේශයේ දානපතියන්ගේ නොමසුරු දායකත්වය මේ සඳහා ලැබී තිබුණි.
නිවෙස ඉදිකිරීමේදී නිලධාරීන්ගේ ඉල්ලීම මත වඩු, මේසන්, අත්උදව්, වියළි සලාක, පිසින ලද ආහාර, ප්‍රවාහන පහසුකම්, අවශ්‍ය දැව, අමුද්‍රව්‍ය ප්‍රදේශවාසීන්ගෙන් ලැබී තිබුණි.
මෙම අවස්ථාවට මහාසංඝරත්නයත්, ක්‍රිස්තියානි දේවස්ථානයේ පියතුමා මෙන්ම, ලුතිනන් කර්නල් නලීන් සමරනායක, ලුතිනන් කර්නල් සුරේෂ් පල්ලියගුරු, ලුතිනන් කර්නල් රුක්මන් බණ්ඩාර රණවිරුවන් හා ඇබෝගම, හැලෝගම, තලම්බුව හා හිතෝකඩවල ගම්වාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
මහව සමූහ – සංජීවනී ආරියරත්න