Home » පාපැදියේ සිරීපාදෙ ගිය අලුත්ගම කොල්ලන්ගෙන් පලාබද්දලදී දන්සලක්

පාපැදියේ සිරීපාදෙ ගිය අලුත්ගම කොල්ලන්ගෙන් පලාබද්දලදී දන්සලක්

by sachintha
March 13, 2025 4:17 pm 0 comment

අලුත්ගම, කළුවාමෝදර ඓතිහාසික කන්දෙවිහාරය අසල විජයභූමිසිරිපා වන්දනා පාපැදි සංගමය වාර්ෂිකව පාපැදිවලින් සිරිපා නමැදීමට යන කණ්ඩායම ඇතුළු පිරිසක් හිතමිතුරන්ගේ සහයෝගය මතින් ඉකුත් දෙදින තුළ රත්නපුර පලාබද්දල පාරේ පවනැල්ල අම්බලමේදී හතරවැනි වරටත් සිරිපා කරුණා කරන බැතිමතුන් වෙනුවෙන දිවා රාත්‍රී බත් දන්සලක් පවත්වා තිබේ.

මෙම සද්කාරය අලුත්ගම සිට පලාබද්දලට පැමිණි ඒ. සෝමසිරි සිල්වා, ටිරාජ් වසන්ත, ලක්ප්‍රිය සිල්වා, සුදේශ් ප්‍රියදර්ශන, සංජීව කුමාර, හර්ෂ මිහිරාන්, සමීර, ඉන්දික, මහේෂ්, අතුල වසන්ත කුමාර ඇතුළු පිරිසක් විසින් සිදු කරන ලදුව සිරිපා කරුණාකර නැවත අලුත්ගමට පැමිණ තිබිණි.

අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT