ආණ්ඩු බලය වෙනස් වන විට සිදු කරගෙන යන ව්‍යාපෘති නොවෙනස්ව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12) පැවසීය.
අය වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.
මේ ක්ෂේත්‍රය තුළ තිබෙන ව්‍යාපෘති ගණනාවක් රටේ සංවර්ධනයට යොදා ගත හැකියි. සමස්ත කෘෂි කර්මාන්තය කෙරෙහිම අපි අලුතින් සිතන්න ඕන. කෘෂි කර්මාන්තය ගැන අලුතින් සිතා බීජ, යන්ත්‍ර සම්පාදනය කළ යුතුයි. කෘෂි කර්මාන්තයේ ඉලක්ක ළඟා කර ගැනීමට අපි පියවර ගත යුතුයි. වන සත්ව හානි ගැනත් විශේෂ අවධානය යොමු කළ යුතුයි. 2022 වර්ෂයේ මුල් කාලයේදී පොල් ගෙඩි මිලියන 93ක් පමණ හානියට පත් වුණා. ඒ කාලයේ පොල් ගෙඩියක මිල රුපියල් 71ක් පමණ වෙනවා. ඒ අනුව රුපියල් මිලියන 6500කට අධික හානියක් සිදුව තිබෙනවා.
උතුරු මැද පළාත් ඇළ, වයඹ පළාත් ඇළ යනාදී පද්ධති කෙරෙහිත් අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. එක් එක් ආණ්ඩු බලයට පත් වූ විට අත්‍යවශ්‍ය ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ආණ්ඩු මාරු වන විට එම ව්‍යාපෘතිත් වෙනස් වෙනවා. ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම නිසා එසේ වෙනවා. වැව් මනින්න වැඩපිළිවෙළක් අපි හැදුවා. ඒ සඳහා මිනින්දෝරු නිලධාරීන්ට තිබෙන ධාරිතාව මදි. ඒ නිසා මිනින්දෝරු විෂයට අයත් විභාග සමත් විශ්වවිද්‍යාල සිසුන් සහභාගී කරගෙන මැනුම් කටයුතු කළා. ප්‍රධාන මාර්ග දෙපස තිබෙන වැව් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඒවා ප්‍රතිසංස්කරණය කළ යුතුයි. සංචාරක ආකර්ෂණයට ද එය වැදගත්.